(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබුද්ධ ආයතනවල සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ, උප ලේකම් නවින්ද සොයියා, රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරු 11.30 ට පමණ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
2015 වසරේ සිට ගත වූ වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ ඹෟෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය තුළ සිදු වූ බව කියන බරපතළ ලෙස සැක උපදවන කරුණු රැසක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA ත්‍රස්තවාදී සංවිධානය වහාම තහනම් කරනු... මෙතන ඉන්නේ දොස්තරලා නෙමෙයි මාෆියා පොරවල්. හොඳ දොස්තරලටත් හොඳක් අහන්න නෑ මේ නරියෝ නිසා.
නීතිය ඉටුවෙන්න කියා අන්තිමේදී වර්ජනය කරනවා එහෙම නෙවේ...
මේවා ඔක්කොම බොරු . ඔය දොස්තරලා ගහන පදයට නැටුවේ නැති නිසයි චෝදනා කරන්නේ . මොවුන් උපාධිය සමත් කරගන්නේ රජයේ සම්පත් භාවිතා කරමින්ය...... මොවුන්ට දොස්තර පත්වීමේදී කොන්දේසියක් පනවා හා දිව්රුම් ප්‍රකාශයකුත් අර ගන්න ඕනේ වර්ජන කිරීම සම්පුර්ණයෙන්ම තහනම් ලෙසට .
මේ අය කතාකරන්නේ හරියට 2015 ට කලින් ලංකාවේ සෞඛ්‍ය සේවය නිසි ප්‍රමිතියටම තිබුණා වගේනේ... එතෙක් කලක් මේ මාෆියා කල්ලියේ ග්‍රහණයේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රය යම්කිසි ලෙසකින් හෝ මුදා ගැනීමට ලැබුනේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති වූවාට පසුවයි. දේශපාලකයෙකු ලෙස ඔහුගේ ඕනෑතරම් අඩුපාඩු ඇත. එය පිළිගැනීමට අපි පසුබට නොවෙමු. නමුත් මේ මාෆියා කල්ලියෙන් මේ රට හා සෞඛ්‍ය සේවය මුදා ගැනීමට නම්, එදා කොටි ත්‍රස්තවාදී සංවිධානය පාරාජය කළා. නායකයා වැනි නායකයෙක් මේ රටට අවශ්‍යයි. නමුත්, එදා පඹයෙක් වැනි කිසිත් නොදත් සෞඛ්‍ය ඇමතිවරයෙක් පත් කිරීම තුළින් සිදුවුයේ, එතුමාට පමණක් අවනත මේ නයි රැල, රෝගීන් ඇතුළු මේ රටේ සියලු දෙනාටම අනුකම්පා විරහිතව දෂ්ඨ කිරීම තරම් තත්වයකට මොවුන් පෝෂණය ලැබීමයි.. මේ නයි සංගමයේ විෂ දල කපා මට්ටු කළ හැකි නිර්භීත නායකයෙක් මේ රටට අවශ්‍යයි. එසේ නොවුණ හොත් රටේ ජනතාව එම කාර්යය නුදුරු අනාගතයේදී සිදු කරනු ඇත. මේ මාෆියා කල්ලියට රිසි ලෙස කරගෙන ගිය ඖෂධ ජාවාරම කර ගැනීමට නොහැකිව මොවුන් වර්තමානයේ භුමිතෙල් ගෑවුණු ගැරඬි මෙන් කුලප්පු වී සිටින ආකාරයද ජනතාවට නම්, අමුත්තක් නොවේ.
අසරණ රෝගීන්ගේ ලේ උරා බොන මේ මාපිල්ලු ගැන දැන් රටම දන්නවා. දිනපතා පුවත්පත් සාකච්චා පවත්වමින් ජනතාව නොමග යවා ඒ ජනතාවගේ මුදල් පමණක් නොව ලේ උරාබොන දොස්තර මාපිල්ලු (වෙද සංගමයේ) ලංකාවේ හැර වෙන කොහෙවත් නැත. දුගී ඉන්දියන් ජාතිකයින්ගේ වකුගඩු ජාවාරම ජයටම සිදුවුයේ ලංකාවේ බව අපට තවම අමතක නැත.