IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

මෙම කටයුත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා ඇතුළු එම සංගමයේ සාමාජික වෛද්‍යවරු එක්ව සිටියහ.

 දිවයින පුරාම ස්ථාන රැසක  මෙම අත්සන් ගැනීම සිදු කෙරිණි.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට  ඡායාරූප  - ඩබ්ලිව් පියතිලක 



අදහස් (19)

රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්

Kumaravelu Wednesday, 03 July 2019 07:03 AM

මහජනයට වඩා හොඳ සේවයක් ලබාදීමට කැපවීම වෙනුවට මේ දොස්තරලා කාගේ හෝ වුවමනාවකට කඩේ යන බව අපට පැහැදිලියි. මේය අත්සන් කල කියල රාජිත ඇමතිගේ ප්‍රජ අයිතිය අහෝසි වෙයිද. හික් හික් .....

:       6       32

කෝකිල Wednesday, 03 July 2019 07:19 AM

දොස්තරලාට ගියපු රට! රාජිතගේ වැරදි ඇති. හැබැයි මෙයාලා වැඩ කරන්නේ ඇත්තටම රටේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන අඩුපාඩු නැතිකරන්නද? නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයක්ද?

:       0       0

Cisco Wednesday, 03 July 2019 07:27 AM

බාල බෙහෙත් වැඩි මිලට (තත්වයෙන් උසස් බෙහෙත් වලට වඩා අඩුමිලට ) විකුනන්න බෙහෙත් මුදලාලිලට අවස්ථාව ලබාදුන් අපේ ඇමති තුමාගේ මොකද ප්‍රජා අයිතිය නැති කරන්නේ?

:       16       6

Mahee Wednesday, 03 July 2019 07:30 AM

මම වෛද්‍ය සංගමයට විරුද්ධ මිනිහෙක්. හැබැයි, මේ වැඩේදී නම් සම්පුර්ණ සහයෝගය දෙනවා.

:       85       111

චමින්ද Wednesday, 03 July 2019 07:45 AM

යකෝ මේ ඊ ළඟ සිහින ජනාධිපති අපේක්ෂකට මොකද වෙන්න‍ේ..?

:       19       44

Darshana Wednesday, 03 July 2019 08:09 AM

ඒකනම් හොද වැඩක් ...

:       55       104

Saranapala Wednesday, 03 July 2019 08:12 AM

පිනට ඉගෙන ගෙන වෛදය වෘත්තියට ගැලපෙන්නේ නැති මිනිස්සු එලවා දමමු.

:       36       2

saman malaweera Wednesday, 03 July 2019 08:20 AM

දෙවිවරු වගේ කියන යට වෙච්චදේ

:       0       10

dilan Wednesday, 03 July 2019 08:46 AM

මේ අය පුදුම හීන මානයකින් ඉන්නේ... මෙතැනටත් වෙද නලාව කරේ දාගෙන ඇවිත්...

:       197       486

Prabha Wednesday, 03 July 2019 10:35 AM

නැහැ නැහැ... පැය 24ම රෝගීන් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ... ඔතන පමණක් නොව, නිදාගන්නෙත් නලාව එක්ක.

:       1       58

thilakasiri Wednesday, 03 July 2019 09:17 AM

මේවගේ හින මාන කාරයින් ගෙන් බෙහෙත් ගන්න එපා. ලෙඩුන්ට බෙහෙත් කිරීම පඩිපත බලාගන හෝ මුදලට කරන උන් විශ්වාස කරන්න එපා.

:       9       118

Uditha - London Wednesday, 03 July 2019 09:59 AM

ඇත්තටම ඔය මනුස්සය ගෙදර යවන්නම ඕන කෙනෙක්...

:       84       146

සේන Wednesday, 03 July 2019 10:15 AM

රාජිත උන්නැහේ හොඳ මනුස්සයෙක් නෙවෙයි. හැබැයි වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම තම ආත්මාර්ථය සඳහාම පමණක් ක්‍රියා කරන සංගමයක්...

:       1       59

අශේන් Wednesday, 03 July 2019 10:16 AM

කාට හරි කෙළවන්න අත්සන් නෙවේ.. ඕනෑම දෙයක් කරන්න දූපත්වාසි අපි හරි දක්ෂයි...

:       3       12

thilakasiri Wednesday, 03 July 2019 10:17 AM

යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියා මුළු රටම ඉල්ලා සිටියත් රාජද්‍රෝහි, දේශද්‍රෝහි ක්‍රියාවක් කර ඇති බව අධිකරණය මගින් සනාථ කර දඬුවම ලෙස ප්‍රජා අයිතිය අහෝසිකළ යුතු යැයි නියෝග කරන තුරු එය කළ නොහැකිය. මීට පෙර ප්‍රජා අයිතිය අහෝසි කර ඇත්තේ එසේය. අධිකරණය විසින් යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න කියාදෙන නියෝගය ජනාධිපතිට කැමති නම් වළකාලිය හැකිය...

:       2       22

BamunuarachchiSaturday, 06 July 2019 12:44 AM

එතකොට ගරු සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය තම්බි මුදියන්සේ නැතිකාලේ එතුමිය රාජද්‍රෝහී, දේශද්‍රෝහී වැඩ කරලද? අධිකරණය එහෙම සනාථ කළාද? එසේම බෙහෙත් ගැන විශේෂඥවරුන් වන දොස්තරවරු කියනවා නම් රටට ගෙන්වන්නේ බාල බෙහෙත් කියා.... එය දේශ ද්‍රෝහී ක්‍රීයාවක් නොවේද? මොනවද මේ කතා?

:       0       0

mangala Wednesday, 03 July 2019 11:11 AM

මුකුත් නොකර ඉන්නවට වඩා මේක හොඳයි.

:       40       3

Rohana Thursday, 04 July 2019 11:27 AM

ආත්මාර්ථකාමී වෛද්‍ය සංගමයේ යෝජනාවලට අත්සන්කරන්න තරම් මේ මිනිස්සු මෝඩද?

:       0       0

BamunuarachchiSaturday, 06 July 2019 12:54 AM

රටට වින කරන බාල බෙහෙත් ගෙවා මිනිසුන් අමාරුවේ දමමින් තමාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ජනතා මුදලින් පිටරටයන මිනිහෙක් පාර්ලිමේන්තුවට පත් කිරීමට තරම් රටේ මිනිස්සු මෝඩද? අපිට කරන්න බැරි දෙයක් මේ දොස්තරවරු කරන්න හදනවාය කියා දකින්න බැරි කෙනාත් පල් මෝඩයෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site