සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සේනාරත්න මහතා ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ දේශපාලුවන් නමැති අය තිබිරිගෙයි සිටම ලැජ්ජාව නමැති නහර කපා ඉවත් කර ඇතිබවට මෙයද තවත් හොදම උදාහරණවලින් එකකි.
ඕකතමයි බොල කියන්නේ යක්කුන්ට බයේ සොහොන්වල ගෙවල් හදන්න යන්න එපා කියලා...
වෙන මිනිස්සු හිරේ යද්දී මේ අයට හරි සරලයි. ඒ තමන් හිර@ යයි කියලා දැනෙද්දී මුත්‍රා යනවා. රජ සැප විඳලා.., දුක් විඳින්න බයයි.
ඔච්චර බය නම් ඒ වගේ දේවල් නොකර ඉන්න තිබුනේ... මෙයාට සමාවක් දෙන්නම හොඳ නෑ. බාල ඖෂධ ගෙනාපුවටත් එක්කම අත්අඩංගුවට අරන් නඩුදාලා ජම්පරේ අන්දන්නම ඕනෑ...
ඔව් ඔව්, ඔහේ හිතාගෙන ඉන්නේ තමුන්ගේ පක්ෂේ වගේ අධිකරණය විහිළුවක් කියලද? බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා...
ඒ කියන්නේ මේ සිද්ධියට තමුන් අත්අඩංගුවට ගන්න බව ඉර හඳ වගේ විශ්වාසයි කියන ඒක නේද?
පාලන පක්ෂයේ නොහිට උසාවියේ පිහිට පැතීම ප්‍රතිඵලදායක නැහැ.
සිරිකොතේ පිදුරු වීරයා.. අන්තෝ ජටා බහි ජටා...
කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ...
මේ රාජිත ගැන දැන්වත් තේරුම් ගන්න ඕනේ. මේ අපේක්ෂිත ඇප අයැදුම්පත අර යාළුවන් දෙදනාට ඇයි ඉදිරිපත් කරන්න බැරිවුණේ? මේ රාජිත 1994දී රනිලුත් එක්ක එකට ඉඳන් විපක්ෂනායක තේරීමේ රහස් ඡන්දයේදී ගාමිණී දිසානායක මහතාට ඡන්දය දුන්නයි කියලා මෙයාම කිව්වා. එවැනි ද්‍රෝහිකම් කරන්න කපටියෙක්...
ඉස්සර ලැබිච්ච අවස්ථාවේ හොරු ඇල්ලුවා නම් තවම තමුන් රජවගේ ඉන්නවනේ... බොරුවට කියකිය හිටිය එකේ... පව් දැන් ඉතින් ඇදපන් බළලෝ...!!!
මෙයානම් ජම්පරය අන්දන්නම ඕන කෙනෙක්.
කට මත දෙඩවූ වෙරි වූ මියට සිදුවුන දේ .
ඇත්තටම මේ ගැන මේ තරම් පස්සෙන් එළවන්න මෙයා හොඳ කෙනෙක්ද? මේවායෙන් එය තවත් ඔලුවට ගන්නවා. අතඇරලා දාන්න. මේවට වඩා රටේ දියුණුව වෙනුවෙන් එම වෙලාව අරගෙන රජයට සහාය වෙන්න.
ඇප අයදුම්පත් දාන්න පුරුදු කලේ කව්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද?
මොකද බයවෙලා වගේ. අතීතයේ වීරයෝ ඔහොම නැට්ට කොහෙද හංගගෙන ඉන්නේ ඇයි?
නීතිය සමානනම් ඔහුට ඇප ලැබිය යුතුයි.
මහා කුරිරු සතුටක් දැනෙනවා...දැන් ළඟ ළඟම වගේ..
මෙයාම තමා "ස්විස් නාඩගමේ " ප්‍රධාන අධ්‍යක්ෂක.
ලැජ්ජාවක් ඇත්තේම නෑ. ඒත් තවත් මේ අයට කඩේ යන හරක් ඉන්නවා.
ඩිස්ලයික් ඇත්තෙම නැති තරම්.......මම හිතන්නේ මෙයා හිරේ යනවට නම් කව්රුත් අකමැති නැහැ වගේ. බොරුවට ආයුශ අඩුයි කියන්නේ ඒකයි. පාඨලී පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් වුනාට මෙයා දාන එක සාධාරණයි.
තමන්ගේ පැවැත්මට රට පාවා දෙන මෙවැන්නන් හට දඬුවම් දිය යුතුයි. ලංකාවේ දේශපාලකයින්ගේ මේ තුප්පහි ගති කවදා නැතිවෙයිද?
මට නම් මේ මිනිස්සුන්ගේ මුහුණවල් දකිනකොටත් අප්‍රසන්න බවක් දැනෙන්නේ.. හොඳට පේනවා මූණවල් දැක්කම හිත්වල තියන අපිරිසිදු බව...
ඕනම පල්හොරෙක් වංචාකාරයෙක් පස්සේ යන්න මිනිස්සු කොටසක් ඉන්නවා...
තාත්තට වඩා පුතා වයසට ගිහින්.
අත්අඩංගුවට කලින් ඇප ඉල්ලන්නේ මොකද? ඇප දෙන්නේ අත් අඩන්ගුවෙන් පස්සේ නේද? හිරේ දාන කන් ඉන්න රජෝ ඇප ඉල්ලන්න.!!
කොහොම උනත් තාත්තාට කම්කරු ජොබ් එකක් පුතාට සිකුරිටි ජොබ් එකක් ෂුවර් එකටම සජිත් ගෙන් ගන්න පුළුවනි.
සිංහ නාද බලු කෙඳිරිය කියන්නේ මෙව්වට තමයි. මෙයාව හිරේ යවන්න වුවමනා තරම් හේතු කාරණා තියෙනවා බලධාරීන්ට... හැබැයි ඉතින් පාටලීට කළා වගේ තුට්ටු දෙකේ කතාවකට ටික කාලෙකට ඇතුළට අරන් පස්සේ අැප දීලා යවන්නත් ඉඩ තියෙනවා. එ්කනේ ඉතින් සිස්ටම් එක.. රෝගීන්ගේ ජීවිත වලින් ගසා කාලා, රටේ මහජන මුදල්වලින් මංකොල්ල කාලා තව නීතියේ ආරක්ෂාවත් ඉල්ලන්න එන්නේ හෘද සාක්ෂිය දන්නවනේ තමන්ට අයත් වියයුතු ඉරණම මොකද්ද කියලා.. මේ මිනිස්සු කවදාවත් හැදෙයි කියලා හිතන්න අමාරුයි.. හැදුණත් එතකොට කරන්න තියෙන හානියත් කරලා ඉවරයි. එයාට වෙන්න තියෙන හානියත් කරගෙන ඉවරයි.
වටවෙලා යන්නෙත් ලජ්ජා නැති එවුන්. රට පාවා දෙන මේ අයට උදව් කරන නීතිඥයින් ඊට වඩා අන්තයි.