IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රේගු බදු වංචාවේ සැකකරුට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 12ක රේගු බදු වංචා කරමින් ටොන් 12ක බීඞී කොළ කන්ටේනරයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මාස 21ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා සිටි රේගු නිශ්කාශන සමාගමක හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (6)  නියම කළේය.

රුපියල් ලක්‍ෂ 40ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.

රේගු බදු වංචා කරමින් බීඞී කොළ ගෙන්වීමේ ජාවාරමට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට තම සේවාදායකයා දිව්රුම් පෙත්සමක් ලබාදීම හේතුවෙන් විමර්ශන සිදුකරන බව දැනුම් දෙමින් තම සේවාදායකයා රිමාන්ඞ් බාරයේ තැබීමට රේගු නිලධාරීන් කටයුතු කරන බව කියමින් නීතීඥ චමින්ද අතුකොරල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස ඇප නියම කරන ලද්දේ රේගු නිශ්කාශන සමාගමක හිමිකරුවකු වන නිශ්ශංක ආරච්චිලාගේ අනුෂ්ක නිහාල් නමැත්තෙකි.

සැකකාර අනුෂ්ක නිහාල් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා හා රේගු දෙපාර්තමෙන්තුව වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කොට තිබු ඇප ඇයැදුම් පතක් සළකා බැලූ විනිසුරුවරයා ඔහුට ඇප නියම කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සමල්කා සමරසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු අධිකරණ භූමිය තුලදීම රේගු නිලධාරීන්ට පැමිණිලි කොට ඇතැයිද එවැනි තත්වයක් තුළ සැකකරුට ඇප නියම කළහොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරුට ඇප නියම නොකරන්නැයි ඉල්ලා සිටියාය.

සැකකාර රේගු නිශ්කාශන සමාගමක හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකොරල මහතා කරුණු ඉදිරිපත් කරමින් රේගු බදු වංචා කරමින් බීඞී කොළ ගෙන්වීමේ ජාවාරමට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට තම සේවාදායකයා දිව්රුම් පෙත්සමක් ලබාදීම හේතුවෙන් විමර්ශන සිදුකරන බව දැනුම් දෙමින් තම සේවාදායකයා රිමාන්ඞ් බාරයේ තැබීමට රේගු නිලධාරීන් කටයුතු කරන්නේ යැයි පැවසීය.

සැකකරු අධිකරණ භූමිය තුලදීම රේගු නිලධාරීන්ට පැමිණිලි කොට ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය පැවසුවත් රේගු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලවත් කොට නැතැයිද සිදුනොවු දෙයක් රේගු නිලධාරීන් විසින් මෙලෙස ඉදිරිපත් කරන්නේ තම සේවාදායකයාට ඇප ගැනීම අවහිර කිරීමට යැයිද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා සැකකරුට කොන්දේසි සහිත ඇප නියම කළේය.

 

 

 



අදහස් (6)

රේගු බදු වංචාවේ සැකකරුට ඇප

Raveendra Wednesday, 06 March 2019 01:47 PM

කෝටි ගණන් වංචා කළ මෙවන් පල්හොරුන්ට කෙසේ ඇප ලැබෙන්නේද යන්න අපට නම් ප්‍රහේලිකාවකි. අප අසා තිබෙන පරිදි විනිමය.., බදුමුදල්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වැනි වරදවල්වලට ඇප නොදෙන බවයි. මේ පිළිබඳව දන්නා මහත්ම, මහත්මියකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. කෝටි 12 බදුමුදල් වංචාවක් සුලුමුදලක් හැටියට කබාකාරයන් හැඳින්නුවාදැයි නොදනී.

:       10       221

ranjith Wednesday, 06 March 2019 06:44 PM

ඔබ නොදන්නවා ඇති බදු මුදල් වංචා කරන්න නිෂ්කාශන නිලධාරියාට බැහැ. රේගු නිලදාරීන් තමයි 50% බැගින් බෙදාගන්න ක්‍රමයට බදු වංචා කරන්නේ. එතකොට වංචා කරන බදු මුදලින් 50% ක් ආනයනකරුට 50% රේගු නිලධාරියාට.

:       0       0

RaveendraThursday, 07 March 2019 02:47 PM

රන්ජිත් මයා වෙත, ඔබගේ අදහස් අවංකවම අපට පැහැදිලි මදි කාරුණිකව මේ පිලිබදව වැඩිපුර අදහස් දක්වන්නේනම් අප එය අගය කරන්නෙමු. නිෂ්කාශන නිලධාරින් හා රෙගු නිලදාරීන් අතර නිලවශයෙන් මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්නේනම් ඔබගේ අදහස් අනුව 50% මේ කොටස් දෙක අතරම බෙදී නොයන්නේද ???

:       0       0

nali Wednesday, 06 March 2019 07:07 PM

රවීන්ද්‍ර මහතාණෙනි, ඔබ හරි. ඔය දූෂිත කබාකාරයෝ මේ රටේ අපරාදකාරයින්ට විශාල රුකුලක්. මේ කුමන නීතියක්ද ?

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 March 2019 09:32 PM

රේගුව වංචනික ආයතනයක් නොවන තුරු පුහුණු කල හමුදා නිලධාරීන් රේගු නිලධාරීන් සමග සේවයේ යොදවන්න. රේගුව අපිව බලාගන්න එක කෙසේ වෙතත් අපිට රේගු නිලධාරීන්ව බලාගන්න වෙලා තියෙන්නේ. දැනටමත් පොලිසිය බලන නිසානේ මෙහෙමවත් වංචා අහුවෙන්නේ. අහු නොවන ඒවා කොච්චර ඇත්ද? ඒවා ඒ අයගේ ගෙවල්, දරුවන්ගේ ගෙවල් සහ වාහන දිහා බලනකොට පේනවා. මෙහෙව් රටක්....!

:       0       12

විමලාවතී Thursday, 07 March 2019 03:29 AM

දැන් එතකොට ඒ නීතිපතිමද කියන්නේ උඩුවේ හාමුදුරුවන් නිදහස් කරපු එක වැරදියි කියලා? පුදුම නීති නැමිල්ලක්නේ ඒක!!!

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site