(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් වසර පහකට අධික කාලයක් තිස්සේ මෙසේ පැනවූ දඩමුදල් එම පිරිස් නොගෙවීම මීට හේතුව බව ද රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම රුපියල් කෝටි 6300 ට අදාල ඇතැම් නඩු වසර පහකට පමණ පෙර ගොනු කළ ඒවා බවත් බොහෝ නීති විරෝධී භාණ්ඩ ආනයන සහ අපනයනකරුවන් රේගු දඩ මුදල් ගෙවීම මඟ හැරීමට අධිකරණය යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත් එම නිලධාරියා පැවසීය.
රේගු විභාගය අවසානයේ දඩ නියම කිරීමෙන් පසුව ඔවුන් අභියාචනාධිකරණයේ නඩු පවරණ බවත් එම නඩු දිගින් දිගටම කල්යෑමෙන් රජයට ආදායම් ප්‍රමාද වන බවත් එම නිලධාරියා පැවසීය.
එම නිලධාරියා පැවසුවේ නීති විරෝධීව කසළ තේ අපනයනය කිරීම්, බීඩි කොළ ආනයනය කිරීම යන සිද්ධිවලට පැනවූ දඩ මුදල් පමණක් රුපියල් කෝටි 10 කට ආසනන් මුදලක් හිරවී ඇති බවත් මෙම තත්වයට විසඳුමක් ලබාගැනීමට රජය මැදිහත් විය යුතු බවත්ය.
කසළ තේ නීති විරෝධී ලෙස අපනයන කිරීමට උත්සාහක කිරීමේ සිද්ධි කීපයකට ලක්‍ෂ ගණනක දඩ මුදල් නියමවී අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනුකර ඇති පුද්ගලයෙක් පසුගියදා නැවත කසළ තේ අපනයන කිරීමට කළ උත්සාහකදී අත්අඩංගුවට පත්වූ බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට සහ රජයට ආදායම් ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ, රේගුව කියන දේ පිළිගන්නේ නැත්නම් අධිකරණයට යන එක වැරදියි කියලද කියන්නේ...? මේ මහත්තයා එයාට ඉඩම් ප්‍රශ්නයක් ආවොත් නඩු යන්නේ නැතුව අනෙක් පැත්ත කියන විදිහට දීලා දානවද?
සුපුරුදු ලෙස නඩු කල් දමදමා සිටීම යම්යම් අයට ආදායම් මාර්ගයක් වුණද රටකට හානියකි. එවැනි දේ කවදා නම් නතර වේවිද? සිහිනයක්ම පමණි...
හරියට නීතිය කියාත්මක නොවීම ගැන තමයි පුදුමෙ