අජන්ත කුමාර අගලකඩ
රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත එම ධූරයට පත්කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු එම තනතුරට පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.
චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරිමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගිය සතියේ විරුද්ධ වී තිබිණි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (5) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කර මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇත.
COMMENTS
අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි.
චාල්ස් මහත්මියට හොදට කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න අවස්ථාවක් උදාවුනා..ජයවේවා...!
ඔබතුමියට සුභපැතුම්!
මේ ටික දිනට මේ වැරදි තීරණය නිසා බිලියන ගණනක පාඩුවක් වුනා. ඒකට වග කිවයුතු අයට දඬුවමක් නැද්ද ? මාස තුනකින් පසු සුපුරුදු හොරකම් පටන් ගනියි.
මංගල සමරවීර මහතාට රටේ මුදල් ඇමති දූරය කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.
ඔය ගමන්ම මුදල් ඇමතිකමටත් බුද්ධියක් ඇති කෙනෙක් දාන්න බැරිද?
ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම්. ඉදිරියටත් අවංකව තම සේවය ඔබේ, අපේ මව්බිමට කිරීමට හැකි වේවා! හොරුන්ට උපරිම දඩුවම් ලැබෙන සේ ක්‍රියා කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
රේගු නිලදාරීන්ගේ සටනට ජයවේවා. ඔය විදිහටම නියමිත වෙලාවට මහජන චන්දෙකුත් ඉල්ලමු.
මුදල් ඇමතිකමට පමනක් නොවේ සියළුම ඇමතිවරුන්ට ලංකාවට ඇමතිවරු 20ක් හොදටම ඇති. සුපිරි බුද්ධිය ඇති අය ඉදිරිපත්විය යුතුයි. ඇමතිවරයෙක් යනු සාමාන්‍ය මන්ත්‍රී තත්වය අභිබවා ගිය පුද්ගලයෙක්. නිල්පාට, කොලපාට, පොහොට්ටුවලින් අප බලාපොරොත්තු වන සුපිරි බුද්ධිය ඇති අය දේෂපාලනයට ආගමනය විම හීනයක්වගේ....
ආණ්ඩුව අප්‍රසාදයට පත්වුනා ලස්සනට මේකෙන්.
මෙම රජයේ නිලදරුවට අප නැවත යමක් මතක් කිරීමට කැමැත්තෙමු. ඔබගේ අවංක සේවය ලක්මව සැමවිටම බලාපොරොත්තු වෙන බැවින් ඇයගේ එම අහිංසක බලාපොරොත්තු එලෙසම මල්ඵල ගැන්වීමට මැයට හැකි වේවා! තවද ඔබ ආයතනයේ අවංක නිලදරුවන් සිටින්නේ අතලොස්සක් බවත් කීමට කැමැත්තෙමු. ඔවුනට අපගේ හිස නමා ආචාර්ය කරන්නෙමු. එමෙන්ම වැඩිපුර සිටින්නේ හොරු බව නොරහසකි. එසේ කීමට අප බිය නොවන්නෙමු. අප සියල්ලොගේම බදු මුදල්වලින් හොද වැටුප් ලබමින් එසේ අසීලාචාර, වංචනික ලෙස මුදල් උපයන අයව විශේෂයෙන් සුවිසල් මන්දිර සාදා සුකොපබෝගී ජිවිත ගත කරන නිලදාරීන් කෙසේ මුදල් සොයාගත්තේද යන්න සොයා බැලීමෙන් එම අයව පහසුවෙන්ම හදුනා ගත හැක. හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසුකර මෙම ආයතනය පිරිසිදු කර ලක්මව සතුටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එම මහත්මිය නැවත පත් කිරීම එකමුතු කමේ ජයග්‍රහණයකි . සුබ පැතුම් එතුමියට , මුදල් ඇමති තුමාගේ ගේ ඔලමොට්ටල සම්බන්දිකරන ලේකම් ගේ උන දැන් හොද ඇති . කිරිඇල්ල ඇමති කියනවා කැබිනට් තීරණයකට අනුව ඉවත් කරා කියල . දැන් මුළු රටම දන්නවා මොන කැබිනට් එකේ තීරණයද ක්‍රියාත්මක උනේ කියල .
පත් කරලා විතරක් වැඩක් නැහැ. මෙතුමියට හරියට රාජකාරි කරන්න වටපිටාව සකසන්න. අවංක කාර්යශුර රාජ්‍ය සේවකයා රැකගැනීම රජයේ වගකීමක්!
මංගල නොහොත් අවමංගල ඉල්ලා කා හත්පොලේම උලාගත් බව දැනුම් දෙමි..
රාජ්‍ය සේවකයින්ගේ ගෞරවාන්විත ජයග්‍රණයක්...!