වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංගශාලා ජූලි 15 වැනිදා සිට යළි විවෘත කිරීමට අවසර දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එහිදී,  ආසන ධාරිතාවයෙන් 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කරගත යුතු බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

මෙම ප්‍රදර්ශන කටයුතුවලදී කෝවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපැදීම අනිවාර්ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම්දෙයි.