(නිමන්ති රණසිංහ)
හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනෙවිරත්න ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශ කරන බවට අධිකරණය අද (8) තීරණය කළේය.
කිලෝ 8 ක් බරැති රත්තරන් බුදු පිළිමයක් රේගුව බාරයේ තිබියදී සදහිරු සෑයේ තැන්පත් කිරිම සඳහා ලබා දුන්නැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා නඟා ඇත.
COMMENTS
කාගේ පව්ද මේ කරගහන්නේ? රාජ්‍ය සේවකයිනි, ඕවාට කරන්න තියන එකම වැඩේ කවුරු උනත් නීති විරෝධී යමක් කරන්න කිව්වොත් ඒ පිලිබඳ සටහනක් ලිපිගොනුවලට ඇතුලත් කරන්න. වඩාත්ම සුදුසු දේ නම් සටහන ලිපිගොනුවේ තියන වැදගත් ලියවිල්ලක හෝ දෙකක පිටුපස ලියා තැබීමයි.
රජයේ නිලදාරීන් දැනවත් දේසපාලන ලොක්කන්ට කොන්ද නවන්න හොද නෑ අන්තිමට කෙලවෙන්නේ රජයේ නිලදාරින්ට