(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2011වර්ෂයේදීය.

මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කෙරුණු බවත් කමිටුවේ නිර්දේශ මත එම දණ්ඩන මුදල අඩු කළ බවත් රේගු ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම මෙය ආයතන දෙකක ගැටලුවක් හෙයින් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින් ඉදිරි දිනක නැවත කැඳවීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත .