( එච්.චන්දන )
පුත්තලම මූලික රෝහලේදී පැවති විශේෂ අක්ෂි ශෛල්‍යකර්ම වැඩ සටහනේ දී ඇසේ සුද නම් රෝගී තත්තවයෙන් පෙළුණු රෝගීන් 150 ඇසේ පෙනීම ලබා දිමට හැකි වූ බව පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍යය එම්.ජවුසික් මහතා පැවසීය.
12 – 13 දින දෙක තුළ මෙම වැඩසටහන පැවැත්විණි.
පුත්තලම මූලික රොහලේ ඇති සාමාන්‍ය පහසුකම් යටතේ සතියකට රෝගීන් 20 පමණ ඇසේ සුද ඉවත් කර කාච දැමීම සිදු කරනු ලබයි.
මේ ආකාරයෙන් දින දෙකක් තුළ රජයෙන් නොමිලේ ලබා දෙන කාච භාවිතා කරමින් මෙලෙස රොගීන්ට සත් කාර කිරීම විශේෂ සිද්ධික් බව වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.
මේ රෝගීන් සියළු දෙනා වයසට යාම නිසා ඇසේ සුද ඇති වීමෙන් හේතුවෙන් ඇස් නොපෙනී තිබූ නමුත් , ඇස් දෙකම නොපෙනී තිබූ රොගීන් 05 දෙනෙක් මුල් දිනයේ හදුනා ගත් බවත් ඔවුන්ට එක් ඇසක් සදහා ඇසේ සුද ඉවත් කර කාච දැමීම සිදු කළ බවත් මෙය ඒ අයට විශේෂ දෙයක් බවත් , ජනතාවට නොමිලේ වටිනා කාචයක් ලබා දීම මෙම කාර්ය මෙතරම් ප්‍රමාණයකට ඉටු කිරීමට මහගු පිටු වහලක් වූ බව මෙම වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය ගත් හිටපු අක්ෂි රෝග විශේඥ වෛද්‍ය චම්පා බානගල මහත්මිය සඳහන් කළාය.
පුත්තලම මූලික රෝහලේ අක්ෂි රෝග විශේඥ වෛද්‍ය ධනුක වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් , සෞඛ්‍යය අමාත්‍යයංශයේ හා සෞඛය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් හිටපු අක්ෂි රෝග විශේඥ වෛද්‍ය චම්පා බානගල මහත්මියගේ මූලිකත්වයෙන් , වෛද්‍ය වත්සලා ගුණසේකර , වෛද්‍ය ප්‍රදීපා බණ්ඩාර ඇතුළු කොළඹින් පැමිණි වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්වෙච්ජාවෙන් හා පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හා පෞද්ගලික ආයතන කිහිපයකි මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දී තිබේ.


2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෝගීන් 150 කගේ ඇසේ සුද ඉවත් කරයි
ඒ.ඒ.නවරත්න Sunday, 04 April 2021 11:29 AM
උතුම් වැඩක්...!!!