IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


රක්‍ෂිත භූමි 65ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කරයි

(ක.ග. කරුණාරත්න)

කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට අත්සන් තැබීම අද (12) හබරණ, ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.

මහවැලි හා පරිසර අමාත්‍යංශය සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මකකර ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් දියත්කරනු ලබන හරිත අරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවට සහභාගි විය.

එය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රථමයෙන් ඒ භුමියේ  පැළයක් රෝපණය කරනු ලැබීය.

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව හබරණ අඩවියේ පිහිටි හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250ක භූමියක පැළ 80,000ක් සිටුවීමට මේ වැඩසටහන යටතේ සැලසුම් කරඇත.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩබ්ලිව්.ඒ.පී. වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ්.සී පෙරේරා, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (12)

රක්‍ෂිත භූමි 65ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කරයි

Prabha Saturday, 12 October 2019 09:49 AM

අලුතින් ඕනේ නෑ.තියෙන ඒවා ආරක්ෂා කරගන්න බලන්න ජනාධිපතිතුමනි

:       1       47

Sarath Kariyakaranage Saturday, 12 October 2019 09:53 AM

හොද වැඩක් උතුමාණනි...

:       2       36

Prabha Saturday, 12 October 2019 08:53 PM

උතුමාණෙනි..............

:       1       2

ලුම්බිණි Saturday, 12 October 2019 10:55 AM

යන්තම් හොඳ දෙයක් කළා.

:       0       11

Raveendra Saturday, 12 October 2019 11:34 AM

ප්‍රමාදවී හෝ කළ යුතු දෙය කිරීම පිළිබදව අප මෙය අගය කරන්නෙමු. විල්පත්තුවටත් ඉක්මනින් සුබසෙත සැලසෙයි යන්න අපගේ බලාපොරොත්තුවයි. තවද ඔය බෝඩ් ලෑලිවල .කොන්ක්‍රීට් බිත්තිවල මහජන මුදලින් " එක එකාගේ නම්ගම් " ලියවීම නොකර අනිකුත් හැලිවදුරන්ටත් ආදර්ශයක් දීමට මේ මුල්පුරවසියාටම පුලුවන්නම් මොනතරම් අගේද ?

:       0       73

Appuhami Saturday, 12 October 2019 01:46 PM

ඇති යාන්තම් මොලේ පෑදුනා. බලය නැති වී ගෙන යනකොට මොලේ පෑදෙන හැටි බලන්නකෝ

:       0       61

sarath Jayassinghe Saturday, 12 October 2019 02:15 PM

කොළඹට ලගම තියෙන උසම කන්ද වන බියගම කඳුබොඩ කන්ද රක්ෂිතයක් කරන්න

:       101       136

Chathuri Saturday, 12 October 2019 02:33 PM

ඔය හිටවපු පැලය. මහා සුළගට වැනෙන්න පුළුවන් ,සමහරවිට වැස්සට හෙදිලම යන්න පුළුවන් ඒ නිසා. යකඩ ඉන්නකට තියල. ගැට ගසන්න , ලග පාතක තියෙන ඉඩමකට ගිහින් පැළවෙන්න පුළුවන්

:       0       24

jagath Saturday, 12 October 2019 03:43 PM

අයිය පැල හිටවති මල්ලිලා මහා ගස් කපති, වැලි කපති, වී කපති ,

:       86       61

M.L.Karu Sunday, 13 October 2019 03:13 AM

රක්ෂිත ප්‍රමාණය වැඩි කිරීම ඉතා සුදුසු කාර්යයක්. ජනපතිතුමනි, එලෙසම රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා වන නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන්න. නිල නිවාස ප්‍රශ්නය සහ ප්‍රමාණවත් පරිදි වාහන පහසුකම් සලසා දෙන්න. වන සංරක්ෂණ නිලධාරියාගේ සිට සෑම වන නිලධාරියෙකුටම නිල රථයක් ලබා දීම අත්‍යවශ්‍යයි.

:       0       53

SL Sunday, 13 October 2019 03:48 AM

දෙරණේ වැඩසටහන බොහොම හොඳයි. කඳු වල ගෙවල් හදන එක නවත්වන්න. ඒ අයට අලුත් ඉඩම් දෙන්න. කදුකර වන පද්ධතිය රජයට පවරාගෙන සංරක්ෂණය කරන්න. රටට වතුර පොද ටික ලැබෙන්නේ ඒ හරහයි. නිවාස ව්‍යාපෘති හරහා නිවාස ව්‍යාපෘති තට්ටු ක්‍රමයට හදන්න. ගෙවල් 10 ක් තියෙන එක තට්ටු නිවාස වගේ .මිනිස්සුන්ට වගා කරන්න පමණක් වටේ ඇති ඉඩම් ටිකක් දෙන්න.

:       0       63

Bamunuarachchi Sunday, 13 October 2019 12:41 PM

මුලතිව් වල කපපු ගස් වලට මොකද උනේ

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1465 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site