
මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු, උපාධිධාරීන් හා අඩුආදායම්ලාභින්ට රැකියා ලබා දීමේ වැඩසටහනෙහි පත්වීම් ප්‍රදානය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
එම පත්වීම්ලාභීන්ට සැප්තැම්බර් 01 වැනිදා සිට සේවයට වාර්තා කිරීමට දැනුම් දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රැකියා ලාභීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා ( 16) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලීය වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර තෝරාගනු ලැබූවන් සඳහා පත්වීම් ලිපි යැවීම සඳුදා ( 17) ආරම්භ කෙරේ. එමෙන්ම සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ නොමැති නම් ජනාධිපති ලේකම් කාර්යාලෙයන් විමසිය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.
උපාධිධාරීන්හට රැකියා 50,000 ක් හා අඩුආදායම්ලාභී 100,000 කට රැකියා ලබා දීම සඳහා මහ මැතිවරණයට පෙර රජය සැළසුම් කර තිබිණි.
ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ඉහත දැක්වෙයි.
COMMENTS
ජොබ් දුන්නට මදි එයාලගෙන් මේ රටට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ... නැතිනම් ජනතාවට ලොකු බරක් වෙනවා.
දැන් එහෙනම් රැකියා තියෙන ජනතාව ලෑස්ති වෙන්න මේ අයගේ පඩි වෙනුවෙන් වැඩි වෙන බදු ගෙවන්න.
අඩු ආදායම් ලාභින් කියන්නේ පොහොට්ටුවේ පාර්ශිකයින් පමණද? රජයක් කියන්නේ තමන්ගේ පාර්ශිකයන්ට විතරක් සැළකිම නොවේ.
මහජනයට පඩි ගෙවන්න තවත් නිකම්මු සෙට් එකක්. ඉන්න අයටත් වැඩ නැතුව ගෙවල්වලට වෙලා පිං පඩි ගන්නවා මදිවට.
ආණ්ඩුවේ රක්ෂාවක් ලබන්න තියෙන්න ඕන ලොකුම සුදුසුකම හිඟන පවුලක වීම! උස නම් සිකියුරිටි කොට නම් කම්කරු කීපු හාදයාටත් එහා දෙයක්නේ! පොහොට්ටුවේ මළපහ වෙලා අපූරුවට... !
මේ කමෙන්ට් දැන ඔක්කොම අය තවම ඡන්දෙන් පැරදුණු එකට හිතේ අමාරුවෙන් ඉන්නේ. හා...හා
එක් එක් ආයතන වල නිකං ඉන්න දීලා පඩි දෙන්නේ නැතුව ඒ ඒ ආයතනවල දියුණුවට මොවුන්ගේ දායකත්වය ලබාගන්න. නැත්නම් ජනතාවට තවත් අමතර බරක්. බොහොමයක් රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් වැඩකරනා හැටි අපි අත්දැකලා තියනවා.
අපිට තාම රජයේ රැකියාව ලැබුණේ නෑ...