IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


‘රැකියා ඉල්ලා දේශපාලඥයන් පසුපස යා යුතු නෑ’


 
 
හසිත රංග ගුණතිලක
 
රටේ තරුණ පරපුර තුළ හැකියාව, වුවමනාව සහ දක්ෂතාව තිබේ නම් රැකියා ලබාගැනීම සඳහා තරුණ තරුණියන් දේශපාලකයන් පසුපස යායුතු නැතැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.


ජයසේකර මහතා මෙසේ පැවසුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ අද (5) වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.


“කම්මැලි ජාතියක් නොවී වෘත්තීය පුහුණුව අතින් අපි ශක්තිමත් වුණොත් මේ රටේ රැකියා අර්බුදය ඉක්මණින් විසඳිය හැකියි. විශාල රැකියා අවස්ථා ගණනාවක් ලංකාව තුළත් ඉන් පිටතත් ඇති වී තිබෙනවා. 


රටේ අනාගත කාර්යභාර්ය ඉටු කිරීමට වගකීමක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මා හට පවරා තිබෙනවා. මේ අමාත්‍යංශය හරහා රටේ තරුණ පරපුරට විශේෂ සේවාවක් කළ හැකියි.”
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

‘රැකියා ඉල්ලා දේශපාලඥයන් පසුපස යා යුතු නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site