(සුජිත් හේවාජුලිගේ)
රැකියා සඳහා යන අයට ජාතික හැදුනුම්පතේ ඔත්තෙ ඉරට්ටෙ ක්‍රමවේදය අදාළ නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සේවකයන් සිය ආයතනවලට ගෙන්වීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත් බොහෝ ආයතන සේවයට කැඳවන්නේ මුළු සේවකයන්ගෙන් සියයට විසි පහක් පමණක් බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවෙසින් බැහැරව යන අයට පමණක් බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ ගමන් කළ හැක්කේ ද තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට පමණක් බවද කියයි .
මේ අතර පළාත් අතර සංචරණ සීමාවද රටපුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වාවු සංචරණ සීමාවද ලබන 31වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි .
සංචරණ සීමා කඩ කරන්නන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කොරෝනා වලට රැකියාව හෝ හැඳුනුම්පත් අංකය අදාල නොවේ..