(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වුණු 36 වැනි කලාපීය සමුළුවේදී මෙම තීරණයට එළැඹ තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී විය.
ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට සහ සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක ක්‍රියාකාරීත්වය මෙම සමුළුවට ලබා දෙනු ලබයි.
2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට රටවල් 40ක් සහභාගී වීමට නියමිතය.
බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුල් රසාක් මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද මෙම සංචාරයේ දී සිදු කෙරුණු අතර දෙරට අතර බෝග හුවමාරුව,කෘෂි තාක්ෂණය හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙහිදී ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් කිව් ඩොන්ගිව් මහතා සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යූ.එන් ආහාර සමුළුව මෙරටදී
Wakkumbura Monday, 14 March 2022 10:10 AM
අලුත්ගමගේ කියන්නේ උගත්, දක්ෂ ජනතාවාදී ඇමැති කෙනෙක්...
Hafeel Monday, 14 March 2022 11:44 AM
ඒ නිසා තමයි අද ගොවීන් අසීරුතාවයට පත්වෙලා ඉන්නේ. එහෙමනම්, ඊළඟට ලෝකයේ හොඳම කෘෂිකර්ම ඇමති ඔහු වෙන්නත් පුළුවන්... දැනටමත් ලෝකේ හොඳම මුදල් ඇමැති සහ හොඳම සෞඛ්‍යය ඇමැතිත් ලංකාවෙන්.
kamalMonday, 14 March 2022 12:16 PM
මේ මහත්තයා හොඳ විහිළු කාරයෙක්නේ...
Hafeel Monday, 14 March 2022 10:11 AM
සමුළුවට එන පිරිසට ආහාරත් රැගෙන එන්න වේවිද...?
Citizen Monday, 14 March 2022 12:24 PM
සමුළුවට එන කට්ටියගේ අතේ ගෑස් ටැන්ක් එක දීලා පෝලිමේ තියන්න ඕනේ... එතකොටයි කන්න දෙන්නේ කියා....!
Sunil Monday, 14 March 2022 01:11 PM
උග්‍ර ආහාර හිඟයක් පවතින රටක් කුමට තෝර ගත්තාද?