(නාලක සංජීව දහනායක)
අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා ලංකාදීපයට පැවැසීය.
පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත‍්‍රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් කීය.
එමෙන්ම පාස්කු ඉරුදින ප‍්‍රහාරයට බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවැත ඇමතිධූර ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පැවැසීය.
මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බවද ඒ.එච්.එම් ෆවුසි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අපිට හා රටට ආදරේට වෙන්න ඇති.
මේ මැති ඇමතිකම් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි විශ්‍රාම වැටුප් ලබන තනතුරක්. ඒ කියන්නේ ජනතා නියෝජිත තනතුරකට වැඩ වැටුප් ලබන රැකියාවක්. එකපාරක් ඉල්ලා අස්වුනාට පස්සේ අපි ආපහු එනවා කියල නිකන්ම ඇවිත් වැඩ භාරගන්න බැහැනේ. එහෙම එන්න නම් ආයෙත් පත්වීමක් ලබාගන්න වෙනවා. ඒ වෙනුවට කෙනෙක් පත් කරලා නම් ජනතාවගේ කැමැත්ත ලබා ගන්නත් වෙනවා. මේගොල්ලන්ට එහෙම යන්නයි එන්නයි පුලුවනිනම් හිතුනු හිතුනු වෙලාවට අනික් රජයේ සේවකයින්ටත් ඒ වරප්‍රසාද ලැබිය යුතුයි. රජයේ විශ්‍රාම වැටුප් ලබන මේ පිරිසටත් ආයතන සංග්‍රහය වලංගු විය යුතුයි. දෙන්න එපා ඒ තනතුරු එන එන වෙලාවට.
මේක නම් හරිම විහිළුවක්. මෙච්චර ලොකු ප්‍රශ්නයක් මාසයකින් විසදලා ඉවරයි. කෝ ඒ වාර්තාව. ඒක මහජනයාට ඉදිරිපත් කරලා මහජන මතයක් ගොඩනගන්න ඒ චෝදනා තියන අය නිරදෝෂයි කියලා. තවම කිසිම සාර්ථක තොරතුරක් අපි දන්නේ නැහැ මේක කොහොමද උනේ කියලා. එහෙමනම් කොහොමද කියන්නේ මේකට යම් විදියකින් සම්බන්ද වුන කට්ටිය සම්බන්ද නැහැ කියල. ලංකා ඉතිහාසයේ තියනවද 300 ක නෙවේ එක මිනිස් ඝාතනයකට සම්බන්දයෙන් කෙලින් හෝ අනියම් විදියට සැක කරන කිසිම කෙනෙක් මාසයකින් පරීක්ෂණ ඉවර කරලා නිදහස් කරයි කියල. අර 2000ක් මුස්ලිම් අයගෙන් කොච්චර දෙනෙක් නිදහස් කලාද ඒ වගේ? අපිට දැන් මේක නෛතිකව විසදා ගන්නව මිසක් ඔය කොමිසම් වලින් විසදන්න බැහැ. ඇමතිවරුන්ට ඕන ඕන වෙලාවලට යන්න එන්න අපේ පාර්ලිමේන්තුව අම්බලමක්ද? මේ ප්‍රශ්නය ලාංකිකයන් ඔලුවට අරගෙන ඉදිරියේදී වැඩ කලේ නැත්නම් මේ අවනිතියෙන් මුළු රටම විනාශ වෙනවා.
මම හරි බයේ හිටියේ ආයේ භාර ගන්නේ නැති වෙයි කියල
ඔන්න බළලා මල්ලෙන් පැන්නා.
ඒ නාඩගමත් ඉවරයි ! හූ හූ හූ ( මේ හූ කියාගත්තේ මටම හොඳෙයි)
කරගෙන ආපු මෙහෙයුම් නතර කරන්න මේගොල්ලෝ ගහපු වැඩක් තමා ඕක. ආරක්ෂක අංශ කරගෙන ආපු ගැම්ම එහෙන් පිටින්ම මේගොල්ලෝ නැවැත්තුවා. පස්සේ ටිකක් කල් ගිහින් ජනතාව ඉල්ලුව කියලා ආයෙත් තනතුරු ගන්නවා. කොහොමද ටිකිරි මොළේ?
ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ
දැන් තරු පෙනිලා ඉන්නේ
නටපු නාඩගමකුත් නැත බෙරේ පලුවකුත් නැත .
කොහොමද රංගනය දිග හැරෙන හැටි
මුළු ලංකාවේම ජනතාව බලා සිටි. අපි දැවැන්ත මෙහෙයුමක් දියත් කර එක පක්ෂයකට පමණක් මෙවර ඡන්ද එකතු කර දෙමු. ඔබ සැමට පාර්ලිමේන්තුවේ කිසිම හඬක් ඉතුරු නොවනු ඇත.
සාදුකාරයක් දෙන්න පින්වතුනි..
මේ ගොල්ලෝ කවද්ද විපක්ෂේ හිටියේ? ඔය පම්පෝරි ගහන කවුරු බලයට ආවත් එකයි. ලබන ජනාධිපති වරණයට ඉස්ලාම් කෙනෙකුත් ඉදිරිපත් වෙනවා කියලයි දැන් කියන්නේ...
මහනාහිමිවරුන්ට වටලප්පන් වල රස දන්නා නිසා මොවුන්ව ඇමැතිකම්වල තියන්න ඕනෙලු.
දැන් කැමරා ගත කරන්නේ රජයේම තිරනාටකයි .
නැතිනම් මොන බම්බුවකටද බණ කියනකොට සිංහලයා ප්‍රෞඩ ජාතියක් කියා බෙරිහන් දිදී... මුසල්මානුවන්ට රටේ පාලනයට එකතුවන්න කියන්නේ... ඔවුන්ගේ ජනතාව නියෝජනය කරන්න ඔවුන්ගේ මන්ත්‍රියෝ හිටියාවේ.. නමුත් රටේ පාලනයට මොවුන් අවශ්‍ය නැත.
එක එක හාල්පාරුවෝ මේ මුස්ලිම් මැතිඇමතිවරුන්ට දෝෂාරෝපණය කළාට ආණ්ඩුව හතර අතේ විවේචනය කරන සාටකතුමා කිසිම දොසක් අද වෙනතුරු කියලා නැහැ නේද? ඇයි ඒ?
දැන් මොවුන් යන යකා කොරහා බිඳගෙන යන්න යාවි... මේ අමාත්‍යාංශවල ඉන්නා සිංහලයිනේ.... ඇතුලේ වෙන්නේ මොකක්ද කියා පුවත්පත්වලට හා සමාජ වෙබ් අඩවිවල දමාපල්ලා...