(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරක පිරිස රජයේ මැදිහත් වීමෙන් යාල සෆාරි ජාතික උද්‍යානය නැරඹීමට රැගෙන ගිය අතර උද්‍යානය නැරඹීමෙන් පසු පිටතට පැමිණි ජීෆ් රථ හිමියන් එකවරම ආරක්ෂක අංශ විසින් දින 14ක කාලයක් නිරෝධායනය ලක්කල යුතු බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් 06 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණු වාතාවරණයක් යටතේ පැමිණි සංචාරකයින් පිරිස විවිධ ස්ථානවල සංචාරය කරවීම රජයේ පාර්ශව කිහිපයක මැදිහත් වීමෙන් පසුගිය දින කිහිපයේදිම සිදුව තිබුණි.
ඒ අනුව ජීෆ් රථ 28 යොදා ගනිමින් සංචාරක පිරිස යාල සෆාරි උද්‍යානයේ සංචාරය කර වු අතර සංචාරය අවසන් කර සංචාරක පිරිස පිටව ගිය පසු ජීෆ් රථ හිමියන් දින 14ක කාලයක් නීරෝධායනයට රැගෙන යා යුතු බව යුද හමුදාව පවසා තිබේ. ඊට ජිෆ් රථ රියදුරන්ගේ දැඩි විරෝධය පළකිරිමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති විය.
එහිදී ජීෆ් රථ හිමියන් පැවසුවේ මෙවන් කතාවකි.
ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙකුගේ මැදිහත් වීමෙන් මෙම යුක්රේන ජාතිකයින් පිරිස යාල සෆාරි උද්‍යානයේ සංචාරය කරවීමට ජීෆ් රථ 28ක් ලබා ගත්තා.මෙහිදි අපිට එක ජීෆ් රථයක් සදහා රැපියල් 5000ක් ලබා දෙන බව පැවසුවා.මෙහිදි ජීෆ් රථ රියදුරන් මේ ගමන ආවේ රුපියල් 700ක මුදලකට.නමුත් පසුව අපිට දැනගන්න ලැබුණා අදාල මන් ත්‍රීවරයා මෙම සංචාරය සදහා එක් ජීෆ් රථයක් සදහා රුපියල් 7000 බැගින් මුදල් ලබාගෙන ඇති බවත් එහු කොමිෂන් මුදලක් ලෙස රුපියල් 2000ක මුදලක් තියාගෙන ඇති බව.
කොහොම හරි මෙම සංචාරයට අපිට එන්න කියලා කිව්වම අපිත් නියමිත සෞඛ්‍ය අපදෙස් අනුව තමයි මේකට එකතු වුණේ.මේ සංචාරකයින් කවුරුවත් අපිට සම්බන්ධ වුනේ නෑ.අඩුම තරමේ මේ සංචාරය යන්න කලින් අපිට මේ කවුරුවත් කිව්වේ නෑ සංචාරයෙන් පසුසේ දින 14ක් නීරෝධායනයට යන්න ඕනේ කියලා.මේ මොකවත් නැතිව මේක සංවිධානය කරපු අය අපිව නොමග යවලා සංචාරය අවසන් වෙලා ආවට පස්සේ එක සැරේටම කියනවා ගෙදර යන්න දෙන්න බෑ නීරෝධායනයට යන්න ඕනේ කියලා.
අපි මේ දවසේ රුපියල් 700ක පඩියකට ජිෆ් එළවන්නේ.එහෙම තියෙද්දිත් තමයි හිතා මතාම අපිව මේ අමාරුවේ දැම්මේ. අපේ ගෑණු දරුවෝ බලාගෙන ඉන්නවා සංචාරයින් බස්සලා අපි ගෙදර එනකම්. එහෙම තියෙද්දිත් ඇදන් ඉන්න ඇදුම පිටින්ම අපිව දින 14ක් නීරෝධායනයට රැගෙන යන්න හදනවා.මේවා මහා අපරාධයක්.දින 14ක් යනකම් අපේ ගෑණු දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ.අඩුම තරමේ ට්‍රිප් එක යන්න කලින් අපිට කිව්වනම් මේ යන අය දින 14ක් නීරෝධායනය කරනවා කියා අපි මේ ගමනට එන්නේ නෑ.ඇයි මේ විදියට අපි අසරණ කරන්නේ.සංචාරක කර් මාන්තය නොමැතිව අවුරුද්දකට ආසන්න කාලයක් අපි කුලී වැඩක් කරගෙන හිටියා.එහෙම හිටපු අපිව තමයි මේ විදියට මේ අය අමාරුවේ දැම්මේ.
ආණ්ඩුවේ මැදිහත් විමෙන් ආපු වැඩක් නිසා තමයි අපි මේ ගමන ගියේ.එහෙම නැති වුණා නම් අපි රුපියල් 700කට හිර වෙලා ඉන්න එන්නේ නෑ.මේක හරියට අපිව හිරේ දැම්මා වගේ වැඩක්.මේකට වහාම සාධාරණයක් ඉටු කරන්න කියලා අපි ඉල්ලනවා.අපිට මහා ලැජ්ජාවක් මේකෙන් වුනා.අපි රජයට කියනවා වහාම මේ කරන නාටකය නවත්තන්න කියලා.මේ විදියට අසරණ මිනිස්සු බිල්ලට දෙන්න එපා කියලා අපි ඉල්ලනවා.ආණ්ඩුව හොදටම දන්නවා මේ ආපු අයට කොරෝනා තියෙනවා කියලා.එහෙම තිද්දිත් තමයි අසරණ අපිව ඉත්තන් බවට පාවිච්චි කලේ යැයි පැවසිය.




COMMENTS
රට රකින අපේ විරුවා... තාලෙට කියලා නිරෝධායනය වෙන්න. ඔය ලෙඩ සනීප වෙයි නිට්ටාවටම... මදි පාඩුවට බාස් පැණිත් ගෙනත් පොවයි ආණ්ඩුව ගානෙම...
දකුණේ කට්ටිය වෙලත් ඔයාලා ඒ ගොල්ලන්ගේ බොරු සංදර්ශන වලට අහුවුණා නේද?
ඇමැතියෝ... හොර වැඩ කරනවා.... ලොකු බිස්නස් කාරයෝ එක්ක එකතු වෙලා... අසරණ මිනිස්සු අමාරුවේ දානවා. එහෙනම් ඇමැතියාවත් නිරෝධායනය කළ යුතුයි.
ජීප් රථ හිමි මහත්වරුනේ, මේ ප්‍රශ්නයේදී හමුදාවත් වැරදි නැහැ. ඒ අය සමාජයේ ආරක්ෂාව පතා සිදුකරන කාර්යයක් මේ. නමුත් මේ රටේ ගොඩාක් දෙනෙක් " වරද්දා ගැනීම " නිසා මුළු සමාජයටම ලොකු " ගෙවීමක් " කරන්න වෙලා. මින්පසු ඔය වගේ හොර දේශපාලුවන්ගේ කොන්ත්‍රාත් බාර නොගෙන ඉන්න තරමට ඔබට සමාජයේ බුද්ධිමත් මිනිසුන්ගෙන් ගරුත්වයක් ලැබේවි. නමුත් ජීවිත සටන ජය ගන්නට දරුවන් වෙනුවෙන් දෙමාපියන් ඕනෑම අභියෝගයක් බාරගන්නාබව හොඳින්ම දනිමි. යුක්රේනය කියන්නේ දැනට කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරී ඇති, යුරෝපයේ දුප්පත්ම රටක්. මේ රටේ පාලකයින් නොයෙකුත් යථා ක්‍රමවලින් ඉපැයූ කළු සල්ලි සඟවා ඇති එක රටක් යුක්රේනයයි. මේ විශේෂ සංචාරකයින් හදිස්සියේම මෙහි ආවේ මේ රට බලන්නමද..? නැතිනම් හොර දේශපාලුවන් සැඟවූ කළු සල්ලිවලින් කොටසක් ඔවුන් ලවා රැගෙන ආවාද...? මේ මිනිස්සු දවසකට යුරෝ 20ක් වත් මේ රට තුළදී වියදම් කරන්නේ නැහැ. (දිනකට යුරෝ 150 - 200 වත් රටතුල වියදම් කරන්න හැකි සංචාරකයින්ගෙන් අපේ රටට විදේශ විනිමයක් ලැබේවි) මෙවැනි හිඟන්නන් රටතුළට ගෙන්වීමෙන් නැති ප්‍රශ්නත් ඇතිවෙනවා මිස ආර්ථිකව අපිට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ...
කොරෝනා තියෙනවා කියලා දැනගෙනම රුපියල් 700ක් ගන්න ගමන ගියානම් දැන් රට විනාශ නොකර නිරෝධායනය වෙන එක තමයි කරන්න තියෙන්නේ.
සිංහලයා මෝඩයා කියන්නේ ඕකට තමයි.
රියදුරන්ගේ නිරෝධායනය අස්සේ, පළාතේ මන්ත්‍රීවරයා කිසිවක් නොකර එක වාහනයකින් 2000/-ක ලාභයක් ලබා ගැනීම කොතරම් හොඳද?
දැන් කාටත් සතුටු ඇති නේද?
සංචාරකයෝ එක්කරගෙන ගියේ දැනට සතියකට කළින්... කොරෝනා බෝ වුණා නම් ටෙස්ට් එකක් කළාම සොයාගන්න පුළුවන්. මේ මිනිස්සු දින 14ක් නිරෝධායනය කරනවා කියලා කොහේ හෝ සිරකර තබන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විද්‍යාත්මක ක්‍රම පසෙක දමා මෙවැනි බහුබූත විකාර කොරෝනා මර්ධන නීති තිබෙන්නේ ලංකාවේ පමණි.
ඒක නම් හෙනම ගොන් බලු වැඩක්. ඇයි අර යුක්‍රේන් කාරයින්ට කිසිම නිරෝධායනයක් නෑ. ඔවුන් තාම ට්‍රිප් යනවා මාස්ක් නොදා, මාස්ක් දාගෙන ගිය ඩ්‍රයිවර්ලා නිරෝධායනේ.... දැන් ඔවුන්ට අඩුම ගානේ ඔවුන් ගත්තු දෛනික කුලිය දවස් 14ට දීලා ඔවුන්ව ගෙවල්වල නිරෝධායනය වෙන්න දීපල්ලා...
මේ යුක්රේන් සංචාරකයෝ ගෙන්නන්නේ උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති හා එයාලගේ හෙන්චයියෝ... දැන් අහන්න තියෙන්නේ 69 ලක්ෂයෙන් ඉල්ලපු වෙනස ලැබුණාද කියලා? ඒ එක්කම දැන් සැපද කියලත් අහන්න ඕනේ?
උදයංග වීරතුංග මේ පිටුපස සිටී. සංචාරක අමාත්‍යවරයා එහි වගකීම ගත යුතුයි.
අපේ හාමුදුරුවනේ දැන් සැපද?
රිලවට රටට ආපු සුද්දෝ ටිකට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන්න කොන්ද පණ නෑ. හැබැයි ඒ අය මාස්ක් දාලා හිටියේ නෑ කියලා මේ රටේ අයට සේවය සපයපු මිනිස්සු බලෙන් නිරෝධානය කරන්න කොන්ද පණ තියෙනවා. රතු නිවේදන තිබුණු උදයංගව ගෙනැල්ල මේකට දැම්මේ. ඉතිං පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකට තව කතා මොකටද?
ගමේ මන්ත්‍රී ජීප් එකකින් රු 2000 ගානෙ කපා ගන්නවා. මේකට මැදිහත් වන මහඅය කොහොම හම්බ කරනවා ඇද්ද? ඒ වුණාට මේ අයගේ ඉහේ ඉඳලා දෙපතුලට වැක්කෙරෙන්නේ ජාතිආලය... සංචාරකයින් ගේන්නේ රටට ආදරයට වගේ පෙන්නුවා.. මේ අයගේ හොද්ද හොඳට බොර කරගන්නවා. මේ අය කරන හැම ප්‍රොජෙක්ට් එකම එහෙමයි. ලෝකෙටම පේන්න නැටුම් නටලා සංචාරකයින් පිළිගන්නවා. පටන් ගත්තු තැනේ ඉඳලම සර් ෆේල්....
දැන් බලන්න කොච්චර ජාතිඅාලේද කියලා..? යුක්රේන් වුණා නම් ලංකාවට ඇවිල්ලා කිසි නිරෝධායනයක් කරලා සෆාරි යන්න පුළුවන්.. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුණොත් දවස් 14ක් නිරෝධායනය වෙන්න ඕනෑ.. රෙස්පෙක්ට් සර්...
දැන් නිකමට කියන්න බලන්න ඔය ජීප් රියදුරන් පහුගිය ඡන්දෙට ඡන්දෙ දුන්නේ කාටද කියලා? ඔයාලගේ ගෑනු බලාගන්න හම්බන්තොට පැත්තේ ඔයාලගේම ඡන්දෙන් පත්වෙච්ච අය ඕනෑතරම් ඉන්නවා. ඔයාලා නිරෝධායනයට යන්න ප්ලීස්.
ඔන්න ලංකාවට ටුවරිස්ට්ලා ගෙන එ්මේත්, මැදපෙරදිග අනාථ වී ඇති රටවිරුවන් ගෙන එ්මේත් අපේ දේශප්‍රේමී රඡයෙ ප්‍රබල ඇමතින්, මන්ත්‍රින් හා ප්‍රාදේශීය මන්ත්‍රින් හා ඔවුන්ගේ ටොයිලට් සුද්ද කරන බයියොයි, ගෝලයොයි හැම කෙනාම පුලුවන් තරමට මෙම ක්‍රියාවලියෙන් සුපුරුදු පරිදි ජරාව සුද්ද කරති.
කාටද ගෙඩිය පිටින් ඡන්දෙ දුන්නේ...? එයාලා බලාගනීවිනේ ඔයාලව..
මේවා බලු වැඩ, එදාවේල හොයා ගන්න අසරණයින් ඉත්තා කරගෙනද සංචාරක කර්මාන්තයෙන් රටට අාදායම ගේන්න යන්නේ..? මේ සංචාරකයින් අතර කොරෝනා අාසාධිතයින් ඉන්න පුළුවන් කියලා අාණ්ඩුවට සැකයි. ඉතින් රට වටේ එක්කර ගෙන යන්නේ රටේ අහිංසක මිනිස්සු බිල්ලට ගන්නද? මමත් ඡන්දෙ දුන්නනේ හොඳ පාලකයෙක් කියලා... මහදැනමුත්තා තව හොඳයි..
මුලු කතාවම පොහොට්ටු සුවඳයි...
කිසිම සැලසුමක් නැහැ. නිරෝධායනය විය යුතු අවස්ථා ගැසට් කරන්න එක එක්කෙනාට හිතෙන හිතෙන කෙනා නිරෝධායනය කිරීමත් අවශ්‍යෙයන්ම නිරෝධායනය නොකිරීමත් දෙකම භයානකයි.