IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


යුරෝපා සංගම් අධිකරණයෙන් අන්තර්ජාල සමාගම්වලට නව නීතියක්

සිය වෙබ් අඩවිවල  ෆේස්බුක් ලයික්බොත්තමභාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි යැයි යුරෝපා සංගම් අධිකරණය අද (29) ප්‍රකාශ කළේය.

පරිශීලකයන්ගේ දත්ත ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ වෙත දත්ත හුවමාරු කිරීමට අවස්ථාව සලසා දෙමින් සිය සමාගම්වලට අයත් වෙබ් අඩවිවල ‘ලයික්’ (කැමැත්ත පළ කිරීමේ බොත්තම) අවස්ථාව සලසන සමාගම්වලට එරෙහිව දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි බව එම අධිකරණය සඳහන් කළේය.

සමාජ ජාල තුළ සමාගම් සිය නිෂ්පාදන ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බැවින් අන්තර්ජාල වෙළෙඳාම තුළ වෙබ්අඩවි ‘පලගින්ස්’ සුලබ අංගයකි. එහෙත් මේ ක්‍රියාවලි තුළදී දත්ත හුවමාරු වන බැවින් පෞද්ගලිකත්වය පිළිබඳ දත්ත උල්ලංඝණය වීමේ අවදානමක් ඇතැයි විචාරකයෝ පෙන්වාදෙති.

ෆේස්බුක් සමාජ ජාලය හා සම්බන්ධව තිබෙන ‘ලයික්’ බොත්තම භාවිත කරමින් පාරිභෝගිකයන්ගේ දත්තවල පෞද්ගලිකත්වය අදාළ නීති රෙගුලාසි උල්ලංඝණය කඩ කර ඇතැයි ජර්මානු අන්තර්ජාල විලාසිතා සහ රෙදිපිළි සමාගමකට එරෙහිව පියවර ගැනීමට එරට පාරිභෝගික අධිකාරිය ඉකුත් දා පියවර ගත්තේය. යුරෝපා සංගම් අධිකරණය ඉහත තීන්දුව දුන්නේ එම සිදුවීමෙන් පසුවය.

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (0)

යුරෝපා සංගම් අධිකරණයෙන් අන්තර්ජාල සමාගම්වලට නව නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site