
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රැපියල් කෝටි 826ක (රැපියල් බිලියන 8.26ක) මූල්‍ය ආධාරයක් පිරිනමා ඇත.
මෙරට අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙළට සහාය දීම මෙම මූල්‍ය ආධාර ලබාදෙන බව කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ වෙනුවෙන් යුරෝපා සංගමය ඉකුත් දා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තැබීය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එම ගිවිසුම්වලට අත්සන් තැබූ අතර යුරෝපා සංගමය වෙනුවෙන් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි ඊට අත්සන් තැබීය.
මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 416ක් (රැපියල් බිලියන 4.16ක්) ද , ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා රැපියල් කෝටි 231 (රැපියල් බිලියන 2.31) ද ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා රැපියල් කෝටි 179 (රැපියල් බිලියන 1.79)ක් ද යුරෝපා සංගම් ආධාර වශයෙන් ලැබේ.


055
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගමයෙන් කෝටි 826 ක ආධාර
දුප්පතා Wednesday, 13 January 2021 05:23 PM
යුරෝපා සංගමයේ මහත්වරුනි, ඔබගේ ආධාර වලට බොහොමත්ම ස්තුතියි. මේ ආධාර සියල්ලම ද්‍රව්‍යමය සහ අධ්‍යාපනික - විශේෂඥ සන්නිවේදනය සඳහා පමණක් සීමා කරන්න. මුදල් ආධාර මේ රටට දෙන්න එපා. මේ රටේ පාලකයින් ඒ මුදල් හොරා කනවා. ඔබලා කොයිතරම් මුදල් දුන්නත් රටේ 60%ක් පමණ අන්ත දුප්පත් දිනකට එකම වේලකින් පමණක් ජීවිතය ගටගසාගන්නා අසරණ මිනිස්සුන්. ඒ නිසා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලන්නේ හැකිනම් කොරෝනා වැක්සින් ටිකකුත් ලබාදෙන්න. පින් අයිතිවෙයි මහත්වරුනේ. මේ අයට උදව් කළාට.
narada Thursday, 14 January 2021 04:29 AM
හොඳ මුලපිරීමක්...
Rata Perata Thursday, 14 January 2021 07:48 AM
ඕකෙන් 10%ක් වත් ඔය කියන වැඩවලට ගියොත් පුදුම වෙන්න. දැනටමත් කොමිස් කාක්කෝ ටික වටවෙලා ඇති. මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ?