
මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය රටවල් අටක මානව හිමිකම් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය ස්වීඩනය, එස්ටෝනියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග් සහ ෆින්ලන්තය යන රටවල්වල මානව හිමිකම් තානාපතිවරුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
කීර්තිමත් නීතීඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා 2020 අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම සිරගත කර සිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බවද එම තානාපතිවරු පවසති. මාස 10 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතාට දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් නීති යටතේ කථනය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පෙන්වා දෙති.
හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයකු වන බවත් වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විවේචකයකු බවත් සඳහන් කරන ඔව්හු, රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බවත් ඔවුහු සඳහන් කරති.
මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිංසා සිදුවීම වැළැක්වීම සඳහා රජයන්ට විශේෂ වගකීමක් ඇතැයි ද පෙන්වා දෙන එම තානාපතිවරු, හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමග එක්වන බව ද ප්‍රකාශ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විතරද? ඇයි සහරාන් වැනි මානව හිතවාදී මුස්ලිම් නායකයෙකුගේ සහ ඊබ්‍රහීම් සහෝදරයන් වැනි දානපති දෙපලකගේ මරණ පිළිබඳව කම්පාවෙමින් ප්‍රකාශයක් නිකුත් කළා නම් වැඩේ උත්කෘෂ්ටයි, අතිවිශිෂ්ටයි ...!
මෙම යුරෝපා රටවල් 8 පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඒ අහිංසක අපේම සහෝදර කිතුණු ජනතාව අමු අමුවේ මරාදැමීම සාධාරණීකරණය කර ඇති බව මනා ලෙස පෙනෙන්නේ අපට පමණද? මානව හිමිකම් ක්‍රියාකාරින් යයි හඳුන්වන ඕනෑම "ඌරෙකුට" අනිකාගේ මානව හිමිකම් කැඩීමට හැකිද යන්න මෙම නිවට යුරෝපා රටවල් 8න් ම අප විමසන්නෙමු.
මානව හිමිකම් ආරක්ෂා කරන නිලධාරියෙකුගෙන් ඔහුගේ වාර්ගික යටිඅරමුණු ක්‍රියාත්මක වෙන්න බැරිද? එහෙම නොවේ කියා සහතික වෙන්නේ කොහොමද?
මේ අන්තවාදියා වෙනුවෙන් කතා කරන්නේ අන්තවාදීන්ට උදව් කරන අය විතරයි. අන්තවාදීන් පෝෂණය කරනවා..
අම්මෝ කොහොමද ඒක?. යුරෝපයම බලන් ඉන්නේ, කොටි, ISIS නැගිටලා මේක ආයෙත් ගිනි ගන්නකල්.... කාලකන්නි. ඔක්කොම එකතුවෙලා එම්බසි ළඟ විරෝධතාවක් තියමුද? මතකයිනේ මානව හිමිකම් රෙද්ද පල්ලෙන් ගිය අවුරුද්දේ බේරුණා...!!