ගෝලීය සාමාන්‍ය අගයට වඩා යුරෝපය වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.
ඒ අනුව පසුගිය වසර යුරෝපයේ වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වූ වසර වශයෙන් හඳුනාගෙන ඇත.
ගෝලීය වශයෙන් සැලකීමේ දී පසුගිය වසර වාර්තා වී ඇත්තේ දෙවැනියට වැඩිම උණුසුමක් වාර්තා වූ වසර වශයෙනි.
පසුගිය වසර පහ පුරා ගෝලීය උෂ්ණත්වය සාමාන්‍යයෙන් 19 වැනි සියවස අවසන් වන විට පැවති සෙල්සියස් අංශක එකේ අගයට වඩා උණුසුම් විය.
යුරෝපයේ මීට සමාන කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක් පමණ විය.
අදට යෙදී ඇති ලෝක මිහිතල දිනයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම දත්ත එළිදක්වා තිබුණි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ අප ග්‍රහලෝකයේ දේශගුණය වෙනස්වීමේ සහ බලපෑමේ භෞතික සංඥා පසුගිය වසර පහ තුළ වඩාත් උණුසුම් උෂ්ණත්වයක් වාර්තා කරමින් වේගයෙන් ඒකරාශි වී ඇති බවයි.
යුරෝපා සංගමේ දත්ත අනුව යුරෝපා මහද්වීපයෙන් වාර්තා වූ උණුසුම්ම වසර 12 න් වසර 11 ක් වාර්තා වී ඇත්තේ 2000 වසරේ සිටය.
මේ සඳහා මූලික වශයෙන් හේතු 2 ක් බලපා ඇතැයි වායුගෝලීය විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍යයේ ජාතික මධ්‍යස්ථානයේ විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය රෝවන් සටන් මහතා පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් සාගරවලට වඩා වේගයෙන් භූමි ප්‍රදේශ උණුසුම් වීම සහ විශේෂයෙන්ම ගිම්හාන සෘතුවේදී වායු දූෂණයේ විශේෂිත ආකාරයන් අවම වී තිබීම ඊට බලපා ඇති බවයි.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි