IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යාපන විද්‍යා දැරිය ඝාතනය - නඩු භාණ්ඩ යතුරුපැදිය හිටපු පො.ප නිශාන්ත පාවිච්චියට අරන්

( +++ ඉන්දිකා රාමනායක)

යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් මෙම යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාල බාරයට ගෙන තිබී ඇති බවත් පොලිස් නිලධාරීන් එම යතුරු පැදියට ව්‍යාජ අංකයක් සවිකර භාවිතා කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

නිශාන්ත සිල්වා මහතා මෙම ඝාතන පරීක්ෂණ සඳහා කොළඹ සිට යාපනයට පැමිණ සිටියදී එම යතුරු පැදිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම උසස් නිලධාරියා පැවසීය.

සැකකරුවකු සතුව තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර පෞද්ගලික පරිහරණයට භාවිතා කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

යාපන විද්‍යා දැරිය ඝාතනය - නඩු භාණ්ඩ යතුරුපැදිය හිටපු පො.ප නිශාන්ත පාවිච්චියට අරන්

ෆයිසාල් Monday, 17 February 2020 07:15 AM

මෙයාල මාර අයනේ. ජරාව කන්නයි, පගාව ගහන්නයි, මිනිමරන්නයි.......ඕවා තමයි මෙයාලට පුළුවන්. ජොබ් එකට වඩා මේවා නම් පුලුවන්. ස' බලා ගනී.

:       0       152

Sanka Monday, 17 February 2020 11:37 AM

බොරු ගොතලා මෝඩ සිංහලයෝ තවත් රවට්ටන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site