(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
තාක්ෂණ පීඨයේ නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් විශ්වවිද්‍යාල පීඨය තාවකාලිකව වසා දැමීමට පාලක සභාව තීරණය කර ඇත.
තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්ත්වය සමථයකට පත්වූ විගස පීඨය නැවත ආරම්භ කරන බවද අදාළ සිදුවීම සඳහා විනය පරික්ෂණයක් පවත්වන බවද උපකුලපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕක වහලා දාලා "අපේ" ළමයින්ට සුදුසු විශ්ව විද්‍යාලවලට ඇතුලත් කොරන්න.
නවකවදය ඉවරවෙනකම් පරණ සිසුන්ට විශ්ව විද්‍යාල වහල අලුත් අයට උගන්වන්න මේක මහා විනාශයක් නේ............. රටේ ජනතාවගේ බදු මුදලින් නිකම් දෙන අධ්‍යාපනය ගන්න බැරිනම් රුපියල් ලක්ෂ විස්සක් විතර අධ්‍යන ගාස්තු අයකරලා ගෙදර යවන්න පොඩි උන්ට ඉගෙන ගන්න නැතිව ඉන්නවා මේ නාම්බෝ එක වනසනවා නවක වදයට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි නීති තත්වය ක්‍රියාත්මක කර මුල සිටම වසරක අනිවාර්ය පන්ති තහනමක් ක්‍රියාත්මක කර නඩු දැමීමට කටයතු කරන්න මේ රටේ තියෙන ප්‍රශ්න හොදටම ඇති....
විශ්ව විද්‍යාල සිසුන් එක්ක සම්පත් වගේ සමහර අයට තියෙන්නේ පුදුම වෛරයක් කියලයි මට හිතෙන්නේ. අැයි එ් තරම් කේන්තියෙන් ඒ අය දිහා බලන්නේ...? විශ්ව විද්‍යාලවල ඉන්නේ මේ රටේ දැනුමෙන් වැඩිම පිරිස. සම්පත් ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා තියෙනවද? ඒ අය කියන කරන ඒවායේ යම් අරුතක් තියෙන්න පුළුවන් කියලා හිතන්න බැරිද?