රොමේෂ් මධුෂංඛ
යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් අදාළ රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවද කයිට්ස් පොලීසිය පවසයි.
පසුගිය පළාත් සභා පාලන සමයේදී ද හිටපු උතුරු මහඇමැති සී.වී.විග්නේශ්වරන් ඇතුළු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පළාත් සභාවේදී විරෝධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවයි.

COMMENTS
යහපාලනය සහ සහජීවනය..
විග්නේශ්වරන් ඇතුළු කොටි හිතවාදීන් යළිත් කළු ජූලියක් ඇති කර ගැනීමේ මිලේච්ඡ උත්සාහයක යෙදෙන බව හොඳින් පැහැදිලිය. සිංහල ජනතාව මේ කාරණා අවබෝධ කරගෙන ව්‍යසනයක් ඇති කර නොගෙන සිටීම ගැන සන්තෝෂයි. නමුත් ජනපතිවරයා හොඳින් අවබෝධ කරගත යුතුය. මේ ඉවසීම දිනක ඉක්මවා යන බව... ඒ නිසා මෙවන් ක්‍රියාකාරකම් නැවතීමට ඔහු වහාම පියවර ගත යුතුය. අනවශ්‍ය දේට තමන්ගේ බලය යොදමින් අවැසි දේ මග හරිමින් නීච ලෙස සිංහලයාට රට අහිමි කිරීමේ කාර්යයේ ජනපති නියැලෙන බව හොඳින් පැහැදිලියි.
සමහරක් තාම හිතාගෙන ඉන්නේ යහපාලන ආණ්ඩුව තිබෙන්නේ කියලා. වැරදීමෙන් මොරදෙනවා. මෙන්න කොටි නැගිටිනවෝ බුදු අම්මෝ රට ඉවරයි. කොටියා නැගිටිනවෝ කියලා. පස්සෙ තමා මතක් වෙන්නේ හොරාකාපු ආණ්ඩුව දැන් තියන්නේ කියලා..
ජනාධිපතිතුමනි කඩුව මොට්ටද? සිසිකඩ කරන්න මේ අයව...
මෙතන තීන්ත ගාලා තිබෙන්නේ නාගදීප නාමපුවරුවට නොව එහි ඇති චිත්‍රයේ නේද?
තව ඉතිරිවෙලා තියෙන හමුදා කඳවුරු ටිකත් අයින් කලා නම්...
ඉවසුවා හොඳටම ඇති..., අපි කොළ, නිල්, රතු කියකියා මරාගන්න කොට මේ ගොල්ලෝ මෙහෙ නැගිටිනවා. සිංහලයිනි දේශපාලකයන් අමතක කර අපි එක්සත්ව නැගිටිමු. නැවත කොටියට පණ නොදෙමු.
නාගදීප විහාරය පිහිටා තිබෙන්නේ නයිනතිව් දුපතේය. දෙමලෙන් "තිව්" කියන්නේ දුපතටය. මොනවා උනත් මෙසේ කිරීම වැරදියි.
රනිල් ඇතුළු පහුගිය ආණ්ඩුව වපුරපු බිජ වල පැල තමයි ඔය මතු වෙන්නේ... කිසිම හේතුවක් නැතිව අමුතු සැලකිල්ලක් දුන්නේ උතුරට.. කිසිම දුර දැක්මක් නැති දේශපාලකයෙක්.... තව හිටියා නම් කොටිත් ලස්සනට නැගිටිනවා. රටේ උතුරු නැගෙනහිර නැතිව අනිත් පළාත් වලට විතරයි. ඒ ආණ්ඩුවේ සහජීවනය ක්‍රියාත්මක වුනේ...