(රොමේෂ් මධුෂංඛ)                     

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ එලුවන් සිටින ගොවිපළකට ඊයේ (7) රාත්‍රියේ දිවියකු ඇතුළු වී සිදුකරන පහරදීමකින් එළුවන් 13 කට තුවාල සිදු වී6 දෙනෙකු මිය ගොස් ඇති බවට හිමිකරු පවසා සිටියේය.

තම එළු පට්ටියේ එළුවන් 19 දෙනෙකු සිටි බවටත් දිවියා ඇතුළු වී සපාකෑමෙන් මෙසේ එළුවන් 19 දෙනාම තමන්ට අහිමි වී ඇති බවට හිමිකරු වැඩිදුරටත් කීය.

ප්‍රදේශයේ මෙලෙස දිවියකුගේ ප්‍රහාරයක් සිදුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතරද නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන අතර දිවියා සම්බන්ධයෙන් ප්‍රදේශභාර වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.