(මනෝප්‍රිය ගුණසේකර)
කොටුව සිට රඹුක්කන දෙසට ධාවනය වූ මගී දුම්රියක ගමන්ගත් කාන්තාවකගේ රන්මාලයක් කඩාගෙන ධාවනය වූ දුම්රියෙන් පැන්න මංකොල්ලකරුවකු දුම්රිය මගිහු පිරිසක් අල්ලා දුම්රිය ස්ථානාධිපතිවරයාට අද දහවල් බාර දුන්හ.
සැකකරු මීට පෙරද මෙවැනි මංකොල්ල කෑම් සම්බන්ධයෙන් දැඬුවම් ලැබූ අයකු බව ද වාර්තා වෙයි.
හුණුපිටිය දුම්රිය ස්ථානය නතර කළ දුම්රිය නැවත ගමන් ආරම්භ කරනවාත් සමග කොල්ලකරු කාන්තාවකගේ රන් මාලය කඩාගෙන දුම්රියෙන් පැන යාමට උත්සහ කරද්දී දුම්රිය වේදිකාවේ සිටි තරුණයන් පිරිසක් සැකකරු අල්ලා දුම්රිය ස්ථානාධිපතිට බාරදී ඇත.
සැකකරු පොලිසිය බාරදීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් එක්ක ... "ගරු" ඇමතිතුමා, එයා රුහුණු කුමාරියේ යන ගැහැණුන්ගේ මාල කඩලා මදිවට ඉනෙන් පිහියක් ඇදලා පෙන්වලා තර්ජනය කරලා කෝච්චියේ චේන් එක ඇදලා පනිනවා. කාටවත් එයාව අල්ලාගන්න බැරිවුනත් දවසක් එයා පනින තැනම පොලිසියෙන් ඉඳලා අල්ලා ගත්තා.
එහෙනම් මෙයාව අපි වරාය කටයුතු නියෝජ්‍ය ඇමැති කරමු. සියලු සුදුසුකම් සපුරලා තියෙනවා. අරයට එහෙම හොඳ නම් මෙයාට එහෙම නරක් වෙන්න බැහැනේ. එක රටක් එක නීතියක්නේ...
නෑ සර්, මම උත්සාහ කළේ පාර්ලිමේන්තුවට යන්න ක්‍රමයක් හොයන්න...
ඊළඟ පියවර පාර්ලිමේන්තුවයි.
ශුවර් එකටම අනාගතයේ ඇමැති කෙනෙක් වෙයි...!!!
අද පොදු ප්‍රවාහනයේ යනවිට වටිනා ආභරණ පැළදීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට "ඉමිටේෂන්" ආභරණ පැළදීම වඩා යෝග්‍ය බවයි මහේ අදහසයි.
මේ මාල හොරාත් පාර්ලිමේන්තුවට අපේ ජනයාම ඡන්දේ දීලා එවයිද? අර පයාගල පැත්තේ කෙනා වගේ...
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට...