IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාන් ඔයේ වැලි කැණිම් කළ බැකෝ යන්ත්‍ර යටවෙයි

පැතුම් දර්ශන
 
 
නොසිතූ පරිදි පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීමත් සමඟ එහි වැලි කැණීම් කළ තමන් සතුව තිබූ බැකෝ යන්ත්‍ර හතක්, වැලි සෝදන යන්ත්‍ර 50ක්, විදුලි උත්පාදක යන්ත්‍ර දහයක් ,ජල මෝටර් 50ක් ,ටිපර් රථ එකක්, සහ ගොඩ දමා තිබූ වැලි කියුබ් අසුදහසක්, සම්පූර්ණයෙන් ජලයට යට වී වැලි ව්‍යාපාරිකයෝ පවසති.
 
මෙලෙස යටවූ දෑ වල වටිනාකම රුපියල් කෝටි සියයකට ආසන්න  බව ඔවුහු කියති.
 
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මඟින් දුන් නීත්‍යනුකූල බලපත්‍ර ලබාගෙන රජයට ගෙවිය යුතු බදු මුදල් ද ගෙවා  වැලි කැනීම් සිදුකර තිබියදීත් තමන්ට සිදුව ඇති පාඩුව දරාගත නොහැකි බවද ඔවුහු පවසති.
 
වැලි ව්‍යාපාරිකයින් පවසන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිසි අධ්‍යයනයකින් තොරව යාන් ඔය ජලාශයට ජලය පිරවීම හේතුවෙන් තමන්ට මෙවන් විපතකට මුහුණ දීමට සිදුවි ඇති බවයි.
 
පහළ යාන්ඔය ව්‍යාපෘතියෙ ජලයෙන් යටවන ප්‍රදේශවල වැලි කැණීම් සඳහා මුලින්ම අවසර ලබාදුන්නේ 2015 වසරේදීය. එතැන් පටන් අවස්ථා කිහිපයකදී බලපත්‍ර දීම තාවකාලිකව නවතා දැමුණ ද 2018 වසරේ අගෝස්තු මාසයේ අග භාගය දක්වා බලපත්‍ර ලබාදීම සිදුකෙරිණි.
 
එහිදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ව්‍යාපාරිකයන් 200 කට ආසන්න පිරිසක් වාහල්කඩ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ, යන ප්‍රදේශවල වැලි කැනීම් වල නිරත වූහ.
 
මේ පිළිබඳව අදහස් දැක්වූ වැලි ව්‍යාපාරිකයකු මෙසේද කීය.
 
"අද අපිට හිඟා කන්න වෙලා තියෙන්නේ. අනපේක්ෂිත විදිහට ජලාශයට වතුර පෙරෙව්වා. ඒ වෙනකොට අපි ආයෝජනය කරලා ඉවරයි. ප්‍රායෝගික හේතු මත එකපාර වතුර පිරෙන කොට අපට වැලි ඉවත් කරගන්නවත් අපේ මැෂින් ඉවත්කර ගන්නවත් විදිහක් නැති වුණා. 


2018 වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ මුලින්ම කැණීම් බලපත්‍ර දෙනකොට ජලාශයට වතුර පුරවනවා කියල කිව්වෙ නෑ. ඒ නිසා අපි ආයෝජනය කලා. අපි රජයට මේ වෙනකොට කෝටි සියයකට වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. වැඩ කරගෙන යනකොට අපට කිව්වා වතුර පුරවනවා කියලා. ඒ වෙනකොට අපට කරන්න දෙයක් තිබුණෙ නැහැ. දැන් අපි ගොඩ දාපු වැලි ඔක්කොම යටවෙලා. අපේ භාණ්ඩ ගොඩක් යට වෙලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේකට වග කියන්න ඕනෙ.අපි හතර වටේට ණය වෙලා . ජලාසේ පිරෙව්වට වැඩක් නෑ කිසිම ප්‍රයෝජනයක් නෑ. වම් ඉවුර දකුණු ඉවුර තාම වැඩ ඉවර කරලා වත් නෑ. බොරුවට වතුර පුරවගෙන."
 
මේ සම්බන්ධයෙන් අප පහළ යාන්ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
 
 
" දකුණු ඉවුරේ අපට දැන් වතුර දෙන්න පුළුවන්. අපට පරික්ෂා කරන්න ඕනෙ කම තිබුණා. ඒ නිසා වතුර දෙපාරකට පෙරෙව්වා. හැම ගේට්ටුවක්ම පරීක්ෂා කරලා බැලුවා. වතුර එන්නේ මේ කාලයේ විතරයි. අපි කිව්වා නොවැම්බර් 1 වැනි දා වතුර පුරවනවා කියලා. ඒත් මේ අය එක විශ්වාස කළේ නෑ. දැනට වතුර අඩු කරන්න බෑ . නමුත් මාර්තුවලින් පස්සෙ ටික ටික වතුර අඩු වෙනවා. මාර්තු වලින් පස්සේ තමයි අපි වතුර අඩු කරන්නේ. මම දැන් පාරු දෙකකට අවසර දීලා තියෙනවා වතුරට යටවෙලා තියෙන මැෂින් ගන්න. නැවත වැලි කැණීම් වලට කිසිම අවසරයක් දෙන්නේ නැහැ.නමුත් ගොඩ දාලා තියෙන වැලි ටික ඇදගන්න අපි අවසර දෙනවා."



අදහස් (7)

යාන් ඔයේ වැලි කැණිම් කළ බැකෝ යන්ත්‍ර යටවෙයි

රවින් Monday, 11 February 2019 06:18 AM

දැන් ඔය වතුර පිරුණේ එක දවසින්ද?

:       2       168

vipula Monday, 11 February 2019 06:25 AM

ලංකාවේ ජීවත් වෙන බව හැමවිටම සිහිතබාගන්න.

:       0       110

Amara Monday, 11 February 2019 07:21 AM

වැලි ඉතාමත් ගණන් කොච්චර අවසර දුන්නත්

:       1       47

kule Monday, 11 February 2019 07:54 AM

කොයි පැත්තෙත් පන්ඬිතයෝ ඉන්නවනේ

:       0       18

uddika Monday, 11 February 2019 11:42 AM

දැන් ඔය වතුර පිරුණේ එක දවසින්ද?

:       0       38

amila Monday, 11 February 2019 03:49 PM

කුඩා කිවේ ණය වෙලා ගන්න කියලා. තණ්හා තිබුණට වේලි ඔක්කොම ගොඩදාන්න දඟලන්න ඇති.. වතුර වැඩි වෙන එක තේරුනේ නැති එක මේ මෝඩයින්ට දැනුනේ නැති එක පුදුමයි. දැන් අායෙත් මේවට වන්දි දෙන්න කියලා මෙයාලා උද්ඝෝෂණයක් කරයිද දන්නේ නැහැ. බලෙන් වේලි හාරන්න කිව්වේ නැති නිසා රජයට කරන්න දෙයක් නැහැ. මේකෙදි අර ගෙවල් යටවුණු අය ගෙන බැලුවට කමක් නැහැ.

:       0       34

bo Thursday, 14 February 2019 12:37 AM

හොඳ වැඩේ, පරසරය වනසන අය. තණ්හාව නිමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13541 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site