IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ

යාන්ත්‍රික  කියත්  ලියාපදිංචි කිරීමේ කාලය ලබන 28 වැනිදා තෙක්  දීර්ඝ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.


එළැඹෙන 20 වැනිදා වන විට සියලු  යාන්ත්‍රික කියත් හිමියන් ළගම ඇති පොලිස් ස්ථානයන් වෙත ගොස්  ඒවා ලියාපදිංචි කළ යුතු බවට  මීට පෙර  කාලය ලබා දී  තිබිණි.


නමුත් ඒ සඳහා  තවත් වැඩිපුර දින 8ක කාලයක් ලබා දීමට   තීරණය කර ඇතැයි  අමාත්‍යංශය සඳහන් කරයි.

 

(36698)



අදහස් (6)

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ

ratne Monday, 18 February 2019 11:32 AM

කැති, මන්න, පිහිත් ලියාපදිංචි කර ගන්න ඕනෑද කියලා එක සැරේම කිව්වානම් ලේසියි නේද? යන්ත්‍ර සූත්‍ර දමා මහදවල් වනාන්තර විනාශ කිරීමට (විල්පත්තු වැනි) එරෙහිව යම් පියවරක් ගෙන ඉන් අනතුරුව මෙවැනි නීති ගෙනාවානම් නේද වඩා හොඳ?

:       1       204

Amila Monday, 18 February 2019 11:40 AM

මුදල් ගසා කන්න ගෙනාපු තවත් ක්‍රමයක් මිසක් ගස් වැල් වලට තියෙන ආදරේට ගෙනාපු එකක් නෙමෙයිනේ. දූෂණ අඩු කරන්න කියලා ලියාපදිංචි කරන්න කියයිද දන්නේ නෑ මෙහෙම ගිහින්...!

:       1       210

de silva Monday, 18 February 2019 11:48 AM

ඕවා ලියාපදිංචි කළාට පස්සේ බාධාවක් නැතුව අයිතිකාරයට ඕනේ ඕනේ විදිහට ගස් කපන්න පුළුවන්ද?

:       0       56

lanka Monday, 18 February 2019 12:52 PM

කැති, මන්න, පිහිවලට වඩා පහසුවෙන් සහ වේගයෙන් යාන්ත්‍රික කියත් වලින් ගස් කැපීම සිදු කළ හැකි බැවින්, ඒවා ලියාපදිංචි කිරීම වගකීමෙන් තොරව කැලෑ එළිකිරීම වැළැක්වීම සඳහා ගත් හොඳ පියවරක් යයි සිතමි...

:       45       36

Saman kumara Tuesday, 19 February 2019 12:24 AM

ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා කියන්නේ මේවට. විලපත්තුව විනාශය ගැන එළිපිට කතා කරන්න බැ.

:       0       101

Sapumal. Tuesday, 19 February 2019 02:27 AM

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළා කියා පරිසරය සුරැකෙනවා කියා සිතීමම මහා විහිළුවක්. මේ කියත්වල පාලනයක් මේ නිසා සිදුවෙනවාද ? නැත්තේමය. සල්ලි තිබෙන ලී මෝල් කාරයන්ට හා ගස් කපන්නන්ට ඕනා තරම් කියත් ප්‍රමාණයක් ගෙන තව තවත් ගස් කැපිය හැකිය. මේ අයට වෙනදාට වඩා ගස් කැපීමට බලයක් ලයිසමක් මගින් ජනපති විසින්ම නිකුත්කොට ඇත. මෙය ඔවුන්ට තව තවත් ගස් කැපීමට හොඳ ජවයකි. ලයිසමෙන් විශාල මුදලක් රජයට ලැබේ. එයද ව්‍යංගයෙන් ගෙවනුයේ ජනතාවමය. මන්ද යත්, ලයිසමේ මුදලත් ජනතාවටම බැර කිරීමට ලී මෝල් කරුවන් හා ගස් කපන්නන් පියවර ගන්නා බැවිනි. මේ නිසා මෙම කියත් වැඩි වැඩියෙන් ගෙන ඒමට සමාගම් ක්‍රියා කරනු ඇත. එයින් කාට හෝ කොමිස් ලැබෙනවා වෙන්නටද පුළුවන. පරිසරය සුරැකීමට නම්, මේ වසංගත කියත් ගෙන්වීම පාලනය කල යුතුය. තත්වය එසේ තිබියදී, කියතට බලපත්‍ර දීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය. වෙන කිසිවක් නොවේ.

:       0       155

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 337 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site