IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා

පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත.

කිලෝ මීටරයක විශ්කම්බයක් ඇති මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බර්ජ් කලීෆා ට වඩා උසය. බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස මීටර් 830 කි. මෙම ග්‍රහකය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලටත් වඩා තුන් ගුණයකින් විශාලය.

තාරකා විද්‍යාඥයන් 7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය, සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට 7482 (1994 පී.සී.) ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.

(විමුක්ති එස්. රුද්රිගු)



අදහස් (3)

යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා

patiya Tuesday, 18 January 2022 05:04 PM

මේක අපේ රටට හරවගන්න බැරිද?

:       0       3

kemoThursday, 20 January 2022 03:20 PM

මුහුද මැද්දේ ගිනිගන්න නැව් ගෙනැල්ලා අස්සේ දාගෙන... අපිට ඕවත් වැඩද මල්ලි..?

:       0       1

Wimalasena wijethung Tuesday, 18 January 2022 06:17 PM

ඒකවත් හැපිලා ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site