(ආරියරත්න රණබාහු)
ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමය සහ එහි නායකත්වය ගැන කතා කිරිමෙන් ඔහු පිළිබඳව මෙතෙක් පැවති ප්‍රතිරූපයට සහ ජනතාවගේ විශ්වාසයට හානියක් සිදුකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා අද (18) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දිනම අතිශය සාර්ථක අන්දමින් ආකර්ශනිය තත්වයකට පත්වෙමින් තිබෙනවා.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වදවෙමින් තිබෙනවා. ඊට දිය හැකි හොඳම උදාහරණ තමයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය මාධ්‍යවේදීනිය නැගු ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පිළිතුර සහ ඒ කරුණු ගත්තාම ඒ බව පැහැදිලිව පෙනවා යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.