IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුද අභ්‍යාසයකට ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදා යාත්‍රා 4ක් ලංකාවට

(හර්ෂණ තුෂාර සිල්වා)

යුද අභ්‍යාසයක් සඳහා  ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදාවට අයත් යාත‍්‍රා හතරක් සහ හමුදා ගුවන් යානයක් ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය. 

ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට රටවල් හතක් සහභාගී වන අතර එය ශ්‍රී ලංකාවෙන් ආරම්භ වේ.

කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී එම කරුණු අනාවරණය කෙරුණි. 

යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා  ඕස්ටේ‍්‍රලියානු ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 1,000ක් මෙරටට පැමිණෙන අතර එය ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාසය යැයි පැවසේ. 

 

 

‘‘ශ්‍රී ලංකාවට අපට ඉතාමත් වැදගත් පාර්ශවකරුවෙක්. ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව ඉන්දීය සාගරය සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සමාන අදහස් දරනවා. එමෙන්ම ඉන්දීය සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා’’ යැයි මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩබලන  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ජොන් පිල්ප් මහතා පැවැසීය. 

ඕස්ටේ‍්‍රලියානු නෞකා, ගුවන් යානය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් මාර්තු මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර යුද අභ්‍යාසය මාර්තු මස 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන  ඕස්ටේ‍්‍රලියානු හමුදා මාර්තු 26 වැනිදා ඉන්දියාවට යන අතර ඉන් පසු මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව බලා යනු ඇත.

ඡායාරූප ඒ.එෆ්.පී. 



අදහස් (1)

යුද අභ්‍යාසයකට ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදා යාත්‍රා 4ක් ලංකාවට

dhammika perera Sunday, 17 March 2019 02:31 AM

දැන් මේකටත් කියයි විදේශීය හමුදාවකට කදවුරක් දාන්න ගිවිසුමක් අත්සන් කරලා කියලා.

:       86       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site