IMG-LOGO

යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවිය. ඒ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි. දහස් ගණනක් යුක්රේන සිවිල් වැසියන් යුද ගැටුම්වලින් බේරී පලා යමින් සිටින්නේ ද පෝලන්තයටය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතර හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය. ඇමෙරිකාවේ සහාය නොඅඩුව යුක්රේනයට ලබා දෙන බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහතියක් ලබා දුන්නේය.

රුසියන් හමුදා ප්‍රහාරවලින් බේරීමට සහ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති අවශ්‍ය බවත්, ඒවා තමන්ට පලබා දෙන ලෙසත් යුක්රේන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගෙන් ඉල්ලා සිටියේය. යුක්රේන විදේශඅමාත්‍යවරයා හමුවීමෙන් පසු, යුක්රේන සරණාගතයන් හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීමට ද බ්ලින්කන් කටයුතු කළේය‍.

(ඒ.එෆ්.පී.)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්

සිල්වා Sunday, 06 March 2022 03:03 PM

මෙම යුද්ධයට ප්‍රධාන හේතුව ඇමරිකාව සහ යුරෝපීය රටවල් විසින් රුසියාව හුදෙකලා කොට බිත්තියට හේත්තු කිරීමයි...!

:       3       108

අප්පුහාමි Sunday, 06 March 2022 06:37 PM

මේවාට කියන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවනවා කියලා...

:       1       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 125 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2250 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 696 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site