කොළඹ නගරයට ඇතුළු වන යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට මාර්ගයේ වම් පස තීරුව හෝ බස් ප්‍රමුඛතා මංතීරුව භාවිත කරන්න ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, කොළඹ රථවාහන තදබදයට පිළිමයක් වෙනුවෙන් කරන අත්හදාබැලීමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන බවය. ඊයේ(14) දිනයේ සිට මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කර තිබේ.

බොහෝ යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් රථවාහන තදබදය අවම කරගැනීම වෙනුවෙන් වන මාර්ග නීති පිළිනොපදින බව අවදානයට යොමු වූ බවද ඒ මහතා පැවසීය.