(අජන්ත රත්නායක)
කුරුණෑගල සහ මහනුවර නගරවල නවතා තිබියදී සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් යතුරුපැදි හතක් සමඟ ඒවා සොරකම් කළ බව කියන හිටපු ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙකි.
කුරුණෑගල නගරයේ පිහිටි බස් නැවතුම්පොළක් අසල සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පරික්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවාගෙන තිබූ ජීව අත්බෝම්බයක් සහ සාක්කුවක සඟවාගෙන තිබූ තිබූ මත්කුඩු පැකට්ටුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව සැකකරුගෙන් කළ වැඩිපුර ප්‍රශ්නකිරීම්වලදී මෙම යතුරුපැදි සොරකමේ සුලමුල හෙළිකරගැනීමට පොලීසිය සමත් වී තිබේ. සොරාගත් යතුරුපැදිවලින් 05 ක් ඉතා අඩු මුදලට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර තවත් යතුරුපැදි දෙකක් සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇත.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
යතුරු පැදි ඉස්සූ හිටපු ගුවන් සෙබලා මාට්ටු