IMG-LOGO

යතුරුපැදි අනතුරින් සූරියවැව ක්‍රයිම් ඕ.අයි.සී. මරුට

(දිලීප් ජයසේකර)

සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයක ආරක්ෂක රාජකාරීය නිම කර සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී සූරියවැව පරණ ඇඹිළිපිටිය පාරේ 09 හමාර ප්‍රදේශයේදී යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා අද (10) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත්තේ සූරියවැව පොලිසියට අනුයුක්තව එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඇඹිළිපිටියේ පදිංචි 35 හැවිරිදි දුමින්ද නිරෝෂන් නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (09) දින රාත්‍රියේ සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශණයක ආරක්ෂක රාජකාරියේ නිරතව සිට පසුව ඊයේ (10) අලුයම 02ට පමණ පරණ ඇඹිළිපිටිය මාර්ගය ඔස්සේ නිවස බලා යාමට යතුරු පැදියෙන් පිටත්ව ගොස් තිබේ.

යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. අනතුරින් උප පොලිස් පරික්ෂක වරයා එම ස්ථානයේදිම මියගොස් තිබේ.



අදහස් (3)

යතුරුපැදි අනතුරින් සූරියවැව ක්‍රයිම් ඕ.අයි.සී. මරුට

Rasika Thursday, 10 March 2022 04:02 PM

මොකද වුණේ කියලා බලාගන්න පුළුවන් මරණ පරීක්ෂණය කෙරුවා නම්... පොලිසියේ හින්දා වෙන්න ඇති ඒක නොකියා ඉන්නේ...!!!

:       0       0

ගමේ එකාලා Thursday, 10 March 2022 04:26 PM

හරිම කණගාටුදායකයි. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!

:       0       0

ගමගේ Thursday, 10 March 2022 05:49 PM

මක්කටෙයි මේ පරණ ඇඹිලිපිටිය පාර කියන්නේ? මොකද අලුත් ඇඹිලිපිටියකුත් තියෙයියෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1725 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 660 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site