IMG-LOGO

’’යුග දනවි’’ බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට දීමෙන් බලශක්ති සුරක්ෂිතතාවය අනතුරේ

(ඩයනා උදයංගනී)

කෙරවලපිටිය ‘යුග දනවි’ විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පවරා දෙමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය හරහා රටේ ස්වෛරීත්වය හා බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට පත්විය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද 6) පැවසීය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 40ක් නිපදවීමේ ඒකාධිකාරය එම සමාගමට හිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජී.වීරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද පැවසීය.

“දැවිතෙල්වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ගෑස්වලින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් රට තුළ තිබෙනවා. එහිදී දැනට ඩීසල්වලින් ක්‍රියාත්මක වන කෙරවලපිටිය යුගදනවි බලාගාරය පළමුව තෝරාගෙන තිබෙනවා. ගෑස්වලින් සිදුවන පරිසර හානි ඉතා අවම නිසා එහි ගැටලුවක් නැහැ. නමුත් යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් නිව් පෝට්‍රස් නම් ඇමෙරිකානු සමාගමකට දීමට රජය ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. එමෙන්ම මෙයට අවශ්‍ය ගෑස් ලබාගැනීමට ඉදිවන මුහුදේ පාවෙනගබඩාව හා ඉන් පිටතට ගෑස් ගෙන එන නල මාර්ගය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා එම පටිපාටිය සම්පූර්ණ කර තිබියදීත් එම කොන්ත්‍රාත්තුවත් මෙම සමාගමට දුන් බව කියනවා. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කටයි. බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ලැබීමත් සමඟ එය පාලනය කිරීමේ බලයත් ඇමෙරිකානු සමාගමට හිමිවෙනවා.

දැනට මෙම බලාගාරයෙන් නිපදවන්නේ මෙගාවොට් 300ක විදුලියක් වුවත් මෙගාවොට් 1,900ක් නිපදවීමට අවශ්‍ය ගෑස් ගබඩාවක් ඉදිකිරීමට යාමෙන් මින් තවත් බලාගාර කිහිපයකට ගෑස් සැපයීමේ වැඩපිළිවෙලක් ඇති බව පේනවා. ඉදිවෙමින් පවතින සොබාදනවි බලාගාරය, කැලණිතිස්ස බලාගාරය මෙන්ම ඉදිරි වසර දෙක තුන තුළ කෙරවලපිටියේ ඉදිවීමට නියමිත මෙගාවොට් 1,500ක් පමණ නිපදවන බලාගාරවලටත් මේ සමාගම හරහාගෑස් සැපයීම සිදුවිය හැකියි. ඒ අනුව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය පුද්ගලික ඇමෙරිකානු සමාගමකට ලැබෙනවා.

ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර ඇමෙරිකානු සමාගමකටදීමට හේතු මොනවාද? ඒ ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේත් විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවිය නොහැකිද? සියයට 50ක ඒකාධිකාරයක් පුද්ගලික සමාගමකට හිමිවීමෙන් ලංකාවේ ස්වෛරීත්වයට කොතරම් තර්ජනයක් එල්ලවෙයිද යන්නත් අප දැනගත යුතුයි. රටේ මර්මස්ථානයක පාලනය ඇමෙරිකානු සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙනවා."



අදහස් (6)

’’යුග දනවි’’ බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට දීමෙන් බලශක්ති සුරක්ෂිතතාවය අනතුරේ

martin Thursday, 16 September 2021 06:27 PM

ජනතාවගෙන් ලකුණු දාගන්න දැන් කතා කරනවා, සර් බැන්නහම අකුලගෙන යනවා, ඊට වැඩ හොඳයි මීට වඩා හොඳ ක්‍රමයක් යෝජනා කරන්න. වමේ මිනිස්සු හැමදාම ඔහොම තමයි

:       1       13

සුමිත් Thursday, 16 September 2021 06:42 PM

කට්ටියක් රට සුද්දට දුන්නානම් හොදයි දැනට වඩා වැඩි දියුණුවක් වෙනවා කියනවා. විදුලිබාලගාරයක 40% දුන්නොත් ලංකාවේ විදුලිබලයෙන් 50%ක ඒකාධිකාරයක් එම සමාගමට ලැබෙන බව කියනවා. යුගදනවි විදුලිබලාගාරයේ නිපදවන්නේ මෙගාවොට් 300ක් නම් එයින් 40%ක් කියන්නේ මෙගාවෙට් 140යි. ඒක මගින් ලංකාවේ භාගයක් පාලනය කරනවා කියලයි කියන්නේ. පුදුම ගණනය කිරීමේ හැකියාවක් තියෙන්නේ. කොරහේ කිඹුල්ලු ලගදි දැක්කේ නැතිද?

:       1       9

thilakThursday, 16 September 2021 09:11 PM

විදුලිබලාගාරයේ දැන් නිපදවන්නේ මෙගාවොට් 300ක් එක වසර 5කදී මෙගාවොට් 1000ක් 1500ක් විතර කරනවා.

:       0       0

දිනේෂ් Thursday, 16 September 2021 09:52 PM

දැනට මෙම බලාගාරයෙන් නිපදවන්නේ මෙගා වොට් 300ක විදුලියක් වුවත් මෙගාවොට් 1,900ක් නිපදවීමට අවශ්‍ය ගෑස් ගබඩාවක් ඉදිකිරීමට යාමෙන් මින් තවත් බලාගාර කිහිපයකට ගෑස් සැපයීමේ වැඩපිළිවෙලක් ඇති බව පේනවා. ඉදිවෙමින් පවතින සොබාදනවි බලාගාරය, කැලණිතිස්ස බලාගාරය මෙන්ම ඉදිරි වසර දෙක තුන තුළ කෙරවලපිටියේ ඉදිවීමට නියමිත මෙගාවොට් 1,500ක් පමණ නිපදවන බලාගාරවලටත් මේ සමාගම හරහාගෑස් සැපයීම සිදුවිය හැකියි. ඒ අනුව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය පුද්ගලික ඇමෙරිකානු සමාගමකට ලැබෙනවා.

:       0       0

sam Thursday, 16 September 2021 07:01 PM

විදුලිය ,තෙල් දේශීය සමාගම් යටතේ මිස විදේශීය සමාගම් යටතේ පවතීම දීර්ඝ කාලීනව රටේ මුදල් එලියට යාමක් සිදුවෙනවා. ඩොලර් එලියට යනව කියා කියා සරුංගල් ,වෙසක් කූඩු ,කහ නවත්වල ,දවසට ඩොලර් මිලියන ගණන් විදුලිය මිල නිසා ලැබෙන ලාභය විදේශ රටකට දීම රාජ්‍ය නායකයින්ගේ අමන තකතීරු කම මනාවට ඔප්පු කරන්නක් . තෙල් ටික ඉන්දියාවට දීල ,දින පතා ඩොලර් මිලියන ගානක් ඉන්දියාවට යවනවා, ඊළඟට විදුලිය. 1977 ඉඳල අපි කොලේ ඕක....................දිගටම නොදියුණු රටක් !!

:       0       7

nimal Thursday, 16 September 2021 07:15 PM

ලංකාව දියුණු කිරීමටනම් විදේශ ආයෝජන අතවාශ්‍ය වේ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1175 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site