IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි

රුසියන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, කියෙව් අගනුවර සිට සජීවීව, යුරෝපා සංගමය ඇමැතුවේය. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙමිනි.

‘මා දන්නවා රුසියාව අපට පහර දෙද්දී, ඔබ සැම (යුරෝපා රටවල්) සිටින්නේ යුක්රේනය පැත්තේ. යුක්රේන වැසියන්ගේ පැත්තේ. ඒත් ඔබ ඒක ඔප්පු කළ යුතුයි. ඔබ යුක්රේනය පැත්තේ බව අපට ඔප්පු කරන්න. යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කරගන්න. අප සටන් කරන්නේ අපේ ජීවත් වීමට ඇති නිදහස වෙනුවෙන්. අපේ දරුවන් වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්. යුක්රේනය යුරෝපා රටක්. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් අප කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔබ අප සමඟ සිටිනවා යැයි ඔප්පු කර පෙන්වන්න’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ ඉතා හැඟීම්බරවය.

ජනාධිපතිවරයා යුක්රේන පාර්ලිමේන්තුව ඇමතුවේ යුක්රේන බසිනි. යුරෝපා සංගමයේ නායකයන්ට එම කතාව පරිවර්තනය කළ පර්තකයන් එම කතාව ඇසීමෙන් සංවේදී වූ අතර, එය යුරෝපා නායකයන් සංවේදී කිරීමට හේතුවක් වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යුක්රේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමැතුවේ, හමුදා සෙබළුන්ගේ ටී ෂර්ටයකින් සැරැසීය.

ජනාධිපති සෙලෙන්ස්කී කතාව අවසන් කරද්දී, යුරෝපා සංගමයේ සාමාජිකයෝ අසුන්වලින් නැගිට අත්පොළසන් දෙමින්, යුක්රේන ජනාධිපතිවරයාට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළහ.

මේ වනවිට යුරෝපා සංගමය වෙනුවෙන් එහි උප සභාපති මාර්කෝස් සෙෆ්කොවික් පවසා ඇත්තේ යුක්රේන රුසියානු අර්බුදයේ යුරෝපා සංගමය සැමවිටම යුක්රේනයට සහාය දක්වන බවත්, මේ වනවිටත් යුක්රේන හමුදාවට අවි ආයුධ සහ යුදෝපකරණ ඇතුළු මානුෂීය ආධාර ලබා දී ඇති බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (5)

යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි

Prabha Wednesday, 02 March 2022 02:23 PM

රුමේනියාව යුරෝපා සංගමයට එක්වී මාසයකින් ජනගහනයෙන් අඩක් දියුණු රටවල් වලට සංක්‍රමණය විය. මේ හිඟන රටත් එක්වුණොත් වෙන්නේ ඒ ටිකම තමයි...

:       3       52

senaWednesday, 02 March 2022 03:15 PM

ඔයා කතා කරන්නේ හරියට යුරෝපා සංගමයේ අයිතිකාරයා වගේනේ...

:       2       5

Prabha Wednesday, 02 March 2022 05:02 PM

ලංකාවට ලොකු රටවල් වුණාට යුක්රේනය, රුමේනියාව, බල්ගේරියාව, හංගේරියාව ඔය රටවල්වල ජනගහනයෙන් අඩක්වත් අහිකුණ්ඨිකයින් ඉන්න හිඟන රටවල් තමයි...

:       1       0

sujeewa Wednesday, 02 March 2022 02:54 PM

නළුවන්ගේ රඟපෑමේ දක්ෂතාවය වැඩිවන තරමටම ප්‍රේක්ෂකයින් එයින් වික්ෂිප්ත වීමේ සම්භාවිතාවද වැඩිය. එවිට එහි සත්‍යාසත්‍යතාවය නොසොයා එය සත්‍ය කතාවක් බවට විශ්වාසයක් ජනිත වේ...

:       1       48

චන්දන Wednesday, 02 March 2022 03:54 PM

ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් යුක්රේනය අමාරුවේ දැම්මා... දැන් ගලේ පහරපු එවුන් වගේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 659 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site