යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව රුසියාවේ තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනැවීම කෙරෙහි ඇමෙරිකන් රජයේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිණි. මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට ද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර, රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපතක් වෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයා විදේශිකයන්ට කළ ඉල්ලීමට අනුව ඇමරිකානුවන් 3,000 ක් ද යුක්රේනයට පැමිණීමට කැමැත්ත පළ කර තිබේ. ඒ, යුක්රේන හමුදාව සමඟ එක් වීමටය.
විදේශගත යුක්රේන වැසියන් 80,000 ක් ද මේ වනවිට යළි යුක්රේනය බලා පැමිණ ඇතැයි ද වාර්තා වේ. ඒ යුක්රේනය රුසියාවෙන් බේරා ගැනීමටය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි