IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක

රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන් තවමත් කියෙව් නගරයේ පාලනය ලබා ගැනීමට රුසියානු හමුදාවන් අපොහොසත් වී ඇතැයි එම මාධ්‍ය වාර්තා කියයි පවසයි.

ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ කියෙව් නගරයේ පාලනය තවමත් තිබෙන්නේ යුක්රේන හමුදා අත බවයි.

මේවන විට යුක්රේන හමුදා සහ රුසියානු හමුදා අතර කියෙව් නගරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා දරුණු ගැටුම් සිදු වන අතර අද උදෑසන කියෙව් නගරය ආසන්නයේ විශාල පිපිරීම් දෙකක් ද සිදු වී ඇත.

එක් පිපිරීමක් සිදු වී ඇත්තේ වැසිල්කිව් නගරයේ ගුවන් හමුදා කඳවුර වෙත වන අතර ඉන් එහි ඉන්ධන ටැංකි ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කියෙව් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවමින් තිබෙන අතර ඉතිරි කිලෝමීටර් 20 ක දුර යෑම සඳහා කියෙව් නගරය වටකර ඇති රුසියානු හමුදාවට එකවර ඉදිරියට යන ලෙස අණ ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු සොල්දාදුවන් 3500 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇති බව යුක්රේන බලධාරීන් පවසන අතර යුක්රේනුවන් 198 දෙනකු මියගොස් 1115 තුවාල ලබා ඇති බව පවසයි.

ඒ අතර ළමුන් 33 දෙනකු ද සිටින බව පවසයි.මේ වන විට 120000 යුක්රේනුවන් රට හැර ගොස් සිටින අතර 850000 ක් අවතැන් වී ඇතැයි යුක්රේන රජය පවසයි.

(034)

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (6)

යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක

සිරි Sunday, 27 February 2022 10:49 AM

සියලු සත්වයෝ සුවපත් වේවා...! මේ යුද ගැටුම නැවැති ඔවුන්ගේ වෙෙර සිත දුරුවේවා...!

:       0       165

හක්ස්ලි බාත්ලෝ Sunday, 27 February 2022 10:51 AM

පුටින්හට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ..! අහිංසක යුකේනිය ජනතාවට කළ පාපිෂ්ඨ ක්‍රියාවට...

:       107       60

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 27 February 2022 01:19 PM

කව්රු හරි වුණත්, කවුරු වැරදි වුණත් යුද්ධය කියන්නේ මිහිපිට සිදුනොවිය යුතු දෙයක්. යුද්ධය කොයි රටේ වුණත්, අපේ රටේ උතුරේ වුණත්, දකුණේ වුණත් මැරෙන්නේ අප වගේම ඇට, මස්, ලේ ඇති, වේදනාව දැනෙන මිනිසුන්. බුදු දහමේ පෙන්වා දෙන්නෙත්, සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ... අත්තානං උපමං කත්වා නහනෙයියන ඝාතයේ, යනුවෙන්. කුරිරු යුද්ධය නිමවී ලොවට සාමය උදාවේවා...!!!

:       1       154

බද්රානිSunday, 27 February 2022 03:27 PM

සමිත මහත්තයාගේ අදහස හරිම සුන්දරයි. අනෙකාගේ ගැටලුවේදී අපගේ පිළිතුර ධර්මානුකුලයි, ඒ වගේම දාර්ශනිකයි. බලය ලබාගැනීම වෙනුවෙන් මිනීමැරීම බලයේම කොටසක් විය හැකියි. කුරීරු අධර්මිෂ්ඨ පාලනයක් තුළ පවතින මර්ධනය යමෙකුට යුද්ධයක් ලෙස නොපෙනුණත්, මර්දනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නම් එය හුදකලා යුද්ධයක්ම තමයි. සමහරවිට මර්ධනයෙන් පීඩාවට පත්ව සිටින රුසියාවේ හෝ උතුරු කොරියාවේ ජනතාවගේ පීඩාව අපට නොපෙනේ. හීනමානයෙන් සිටින පුද්ගලයින් අනෙකා කෙරෙහි අනිසි බියක් ඇතිකර ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. එම මනෝභාවය ඒකාධිපති වියරුවෙන් දඟලන ඕනෑම පාලකයෙකුගේ ස්වභාවයයි. ස්වාධීන රටක්, එම කලාපයේ බලවතෙකුගේ රූකඩයක් බවට පත්විය යුතුයිද? එය එසේ නම්, අපත්, ඉන්දියාවේ හෝ චීනයේ යටත් වැසියන් විය යුතුයි. අවාසනාවකට ලංකාවේ පාලකයින්ට ඔවුන්ගේ අමනෝඥ ප්‍රතිපත්ති නිසාම රූකඩ ලෙස ක්‍රියාකිරීමට සිදුව ඇති බව පෙනේ. කෙසේ වුවත් අනෙකුත් සෝවියට් රටවල ජාතීන්ට වඩා ගුණාත්මක භාවයක් පවතින යුක්රේන ජාතිකයින්ගේ කිව් අග නගරය නම් රුසියානුවන්ට යටත් කරගත නොහැකි වේවි...!

:       41       18

Rohana Sunday, 27 February 2022 02:19 PM

යුද්ධයේ වේදනාක‍ාරීබව තමතමන්ටම දැනෙනවා නම් ඔය කිසි යුදකාමියෙකු යුද්ධ කරන්නේ නෑ. රටක් යුද බලයෙන් ශක්තිමත් වනවිට හැමවිටම බලන්නේ හොඳින් බැරිනම් යුද්ධකර හෝ තම අරමුණු කරා ගමන් කිරීමයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාව සමග කෙලින්ම යුද්ධයකට නොයන්නේ රුසියාව සමග යුද්ධයකට යාම මෝඩකමක් බව ඔවුන් හොඳින් දන්නා නිසයි. ඒ වෙනුවට ඵලරහිත සම්බාධක දමා ඇමෙරිකාව ඇඟ බේරාගන්න බලනවා. ඒවායින් රුසියාව නම් වට්ටන්න බැහැ. ඒත් යුද්ධයේ විපාක විඳින්නේ යුක්රේන් ජනතාව වීම කණගාටුවට කරුණක්...!

:       8       106

Denuwan Sunday, 27 February 2022 03:24 PM

රට රකින්න ජනතාවත් කැප වෙච්චි එක හොඳයි...

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 932 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 403 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site