( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාව මගින් මේ වන විට පාරිසරික හානිය ඉහළ ගොස් ඇති බව පවසමින් එහි සේවකයෝ අද (03) විරෝධතාවක නිරත වුහ.
කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියන් රජයට අයත් ආයෝජනමණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යනු ලබන අබලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවේ යකඩ උණු කිරීමේදි දිගින් දිගටම සිදුවන පාරිසරික හානිය ඉහළ ගොස් ඇති බවත් පාලනාධිකරියට අවස්ථා කිපයකදි දන්වා සිටියද එයට පිළියම් ප්‍රමාද කිරීමට විරෝධය පා මෙලෙස ඔවුහු උද්ඝෝෂණයේ නිරත වුහ.
මෙම විරෝධතාවය හේතුවෙන් කර්මාන්ත ශාලාවට අබලි යකඩ රැගෙන පැමිණි ලොරි රථ විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාවට පිවිසිමට නොහැකිව පුත්තලම කුරුණැගල මාර්ගයේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය ආසන්නයෙ නවතා තැබිමට කටයුතු කර තිබුණි.
කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් කල්අඩිය සහ අවට ගම්මාන වල පදිංචි කරුවන් වන අතර ඔවුන් සමඟ මෙම විරෝධතාවයට අවට පදිංචිකරුවන්ද එක්ව සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.