(අංජුල මහික වීරරත්න)
යුග දනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ සමාගමකට දීම ආරක්ෂාව අනතුරේ හෙලීමක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
මහ රෑ යක්කු ගස් නගින වෙලාවෙි අත්සන් කළ එම ගිවිසුමේ සඳහන් කරුණු ගැන දන්නේ "යක්කු" පමණක් බවද රහුමාන් මහතා පැවසීය.
ලෝකයේ කිසිම රටක විදුලි බලය සැපයීම විදේශ සමාගම්වලට ලබා දෙන්නේ නැති බව කී රහුමාන් මහතා රටක ජාතික ආරක්ෂාව යනු තුවක්කු වලින් කරන දේවල් පමණක් නොව ඊට ජලය විදුලිය ඇතුළු ජන ජීවිතයට සම්බන්ධ සියලු කාරණා ඇතුලත් වන බවද කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට නාහෙන් අඬන්න එපා. හොඳම නැකත් වේලාවල් තිබෙන්නේ මධ්‍යම රාත්‍රී 12 පසුවීමත් සමග බව නොදන්නේ නම් නායක තැනගෙන් අසා දැනගන්න...
ජිනීවා පාවාදීම, 2002 සාම ගිවිසුම, හම්බන්තොට වරාය විකුණන්න අත්සන් කරන කොට ඔබතුමාලා වගේ යක්කු ඒ බව දැන ගෙන හිටියාද?
ඇයි, පෙරේතයින් ඒ ගැන දන්නේ නැද්ද?
හලෝ මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද? අවුරුදු 5 රටකරලා රටේ විදුලි බල පරමානය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ... සැම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5%කින් වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා. 2015කට කලින් ආණ්ඩුව සාම්පූර්හි පිහිටුවන්න ගිය දෙවන බලාගාරයට වල කැපුවේ පාදිලියන් ඇතුළු ඔහෙලා නේද... ?
සහෝදර සමාගම නම් තක්කෙටම දන්නවා ඇති... පුරවැසිකම තියෙන අයත් ඉන්න හින්දා?
අපි තුනෙන් දෙකේ බලය දීලා තියෙන්නේ අපේ නායකයින්ට රටේ ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක කරන්න.
මේ අය කෑ ගහන්නේ එයාලට ගතමනාවක් නොලැබෙන නිසා.