IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මේ වසරේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු ඝාතනයට ලක් කරලා

2018 වර්ෂයේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු රැකියා අතරතුරදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
 
ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මේ අතර වෙයි.
 
මෙම වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා කාලයට අදාළ තොරතුරු සළකා බැලීමෙන් මෙම වාර්තාව සකසා ඇත.
 
මියගිය අය අතරින් වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් වේ.
 
ඝාතනය වූ මාධ්‍යවේදීන් අතර ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන්  15 දෙනෙකු ද, සිරියානු මාධ්‍යවේදීන් 11 දෙනෙකුද, මෙක්සිකෝ මාධ්‍යවේදීන් 9 දෙනෙකු ද, යේමන මාධ්‍යවේදීන් 8 දෙනෙකු ද වෙති.
 
ගිය වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 53 දෙනෙක් ඝාතනය වී ඇති අතර මේ වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන්  සංඛ්‍යාව පසුගිය වර්ෂයට සාපේක්ෂව 8 කින් ඉහළ ගොස් ඇත.  
 
මෙම ඝාතන බහුතරයක් සිතාමතා සිදුකළ ඝාතන බව  ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
 
සෞදි රජය විවේචනයට ලක් කරමින් ලිපි ලියූ ජමාල් කෂෝගි ඝාතනය ඒ අතර වෙයි.
 
මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට  තර්ජනයක් බවත්  යුක්ති සහගත නොවන බවත් ඔවුහු  පැවසුහ.
 
(63226)   



අදහස් (7)

මේ වසරේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු ඝාතනයට ලක් කරලා

SISIRA Thursday, 20 December 2018 11:58 AM

මා හට ඇති අද්දැකීම් අනුව කරුණු හරිහටි නොදැන පුවත් පලකරනවා. ඒ නිසා ගොඩක් අයට අවාසි වෙනවා. සීමාව ඉක්මවා අනෙක් අයගේ වැඩවලට මැදිහත් නොවී සිටියා නම් ඔවුන්ට වන අනතුරු අවමයි. මාධ්‍ය සදාචාරය නම් පිරිහිලා.

:       2       1

jim kuru Thursday, 20 December 2018 01:21 PM

2018 මේක හරියට ලංකාවට ලොකු ජයග්‍රහණයක් වෙලානේ..

:       0       0

මහින්ද රාජපස්ස Thursday, 20 December 2018 01:35 PM

"....අම්මෝ මම නම් නෑ ඕවාට.. මම රස්සාව කලේ මාසයයි.."

:       0       18

suranga Thursday, 20 December 2018 11:55 PM

ලංකාවේ කිසිම මාධ්‍ය කරුවකු ඝාතනය වුනේ නැහැ... එ් ගැන අපි සතටු විය යුතු නැද්ද?

:       2       20

Bamunuarachchi Friday, 21 December 2018 07:05 AM

කොටි උදව්කාරයෝ හැරෙන්නට මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක් ඝාතනය වුනේ නැත..

:       87       0

Bamunuarachchi Friday, 21 December 2018 07:08 AM

සෞදි රජය අරාබි ජාතිකයින්ගේ රටක්.. එය අන්ජාතිකයින් විවේචනය කළාට සෞදින් විවේචනය නොකළ යුතුයි.

:       83       0

Alfi Friday, 21 December 2018 07:35 AM

අපේ රටේ ඇතැම් මාධ්‍ය එ්කාධිකාරයක් වෙලා, ලියන්නෙත්, කියන්නෙත් ප්‍රශ්න අහන්නෙත්, පොත් බෙදාහරින්නෙත් මේ සියලුම දේවල් යම්කිසි මාෆියාවට යටත් කරගෙනයි.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site