(නිමල කොඩිතුවක්කු)
රටේ සියලු පුරවැසියන් එන්නත්කරණය කොට රාජ්‍ය ආයතන නිසි සෞඛ්‍ය මාර්ගොපදේශ අනුව සකස් කරන තෙක් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව සේවයට කැදවන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මුජිබර් රහුමාන් මහතා පවසයි.
කොවිඩ් වසංගතය බරපතල අනතුරු දායක තත්වයෙන් මිදෙන තෙක් ගර්භණී සේවිකාවන් සහ කිිරි දෙන මව්වරුන් සේවයට කැදවිමට කටයුතු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මුජුබර් රහුමාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
" මේ මොහොතේ රාජ්‍ය සේවකයින් සියලු දෙනාම සේවයට කැඳවීමට කටයුතු කිරිම දැඩි අවදානමක් බව වෛද්‍ය අංශ මෙන්ම මහජන සෙෘඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමය ද පෙන්වා දෙයි. එමෙන්ම රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන්නේ සේවයට වාර්තා කිරිමට ප්‍රමාණවත් බස්රථ හෝ දුම්රිය ධාවනය නොවන බවයි. කාර්යාල තුල දුරස්ථභාවය සුරකිමින් කටයුතු කිරිම ද අභියෝගයක් බවයි.එසේම ගර්භණී තත්ත්වයේ සිටින සේවිකාවන් සේවයට කැඳවීම තුල ආණ්ඩුව ඉපදෙන්න ට සිටින දරුවා ද අනතුරේ හෙලා ඇත. දෛනික ආසාදිතයින් දෙදහස් පන්සියය ඉක්මවන විට, දෛනික මරණ සංඛ්‍යාව හැටහතක් ලෙස සටහන් වෙද්දි රටම විවෘත කරමින් පටු දේශපාලනික උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවකයින් විධිමත් ක්‍රම වේදයකින් තොරව සේවය ට කැදවීම සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තරයේ හෙලා දකිමු. කොවිඩ් පාලනය වෙනුවට එයට මුවාවි වැඩ කරන ජනතාව මර්දනයට දරන උත්සාහය හෙලා දකිමු .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුජිබර් දන්න දෙයක් නැත. සර් ඒවා බලාගනියි. ස‘ ට උගන්වන්න දන්නවා මදි. තමුන් කට වහගෙන ඉන්න එක හොඳයි..
එතකොට උද්ඝෝෂණය කරන එක අවදානම් නැත්ද?
ඉතින් ඕක තමන්ගේ අය ලවා පාර්ලිමේන්තුවේදී කියලා විසඳුමක් ගන්න තිබුණනේ. එළියෙදී අපිට කිව්වට වැඩක් තියෙනවද? අපි ආණ්ඩුව කියන විදියට යන්න ඕනෑ.
සියළු රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවීම මගින් කාර්යාලවල බස්රියේ, දුම්රියේ ජනතාව පොදිගැසී සිටීමෙන් කොරෝනාව වුවමනාවෙන්ම ව්‍යාප්ත කරයි. රට කරවන ඇත්තන්ගේ දැනුමේ හිඩැස බලාගන්න පුළුවන්...
එතකොට සියලුම ගුරුවරුන් කොළඹට කැඳවා එක පොකුරට පෙළපාලි යාම ගැන ඔබගේ අදහස කුමක්ද?
මොකද්ද අවධානම .තමුන්නැහෙත් ඔය කොරනා කියන සේම අමාරුව හැදිලත් අගේට ඉන්නේ .බොර දියේ මාලු බාන්න එපා
ඕකේ මොකද්ද තියෙන අමුතු අවදානම? ආණ්ඩුව කරපු තරමක් කළේම අවදානම් වැඩනේ.. ආණ්ඩුව කරන අයට අවදානම දැනුනේ නැති වුණාට. මේ තරම් කෝවිඩ් වසංගතේ රටේ පැතිරුනේ එයාලා කරපු අවදානම් වැඩ නිසා තමයි...
බොරුවට ඌරු කඳුළු හැලුවාට හිතයටින් මාර සතුටින් ඉන්නේ "ගොඩෙන් එකෙක් හරි" අඩුවෙනවා නම් ඒකාගේ ඉඩකඩම් හරකා බාන ලබාගන්න අනාගත ඌරු කොටු රාජ්‍ය හීන මවමින් නේද ගොයියෝ..?
නූගත් ජනතාවක් තක්කඩි රැලක්ව පාලනයට පත් කර ගත්තා. දැන් සියළුම වරප්‍රසාද සහ අයිතීන් එකින් එක නැති කර ගන්නවා. මුලු රටම දැන් පාරට බැස්සේ නැත්නම් තව නොබෝ දිනකින් මුහුදට පනින්න වෙනවා.
ඔවුන් රැළිවලට ගොස් කල්ලි ගැසී කරන සෙල්ලම අවදානම් නැතිව ඇති මයෙ හිතේ ! මෙයාලා හරිම කරුණාවන්තයිනෙ.
අපි ඕගොල්ලෝ විතරක් ගෙදර තියන්නම්