මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (7) පස්වරුවේ දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇත.
එම දුරකතන සංවාදයෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.
හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් යැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදි සහතික වී ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“සුළු මොහොතකට පෙර විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඵලදායි සහ සුහද දුරකථන සාකච්ඡාවක නිරත වූහ. ඉන්දියාව තවදුරටත් හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට විදේශ අමාත්‍යවරයා සහතික විය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ විය.”
(055)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මේ මස අග බැසිල් ඉන්දියාවට
පිටිගල මිලානෝ Tuesday, 08 March 2022 01:31 PM
මෙයා කුමන භාෂාවකින්ද පිටරට ගිහින් කතා කරන්නේ...? හරියට සිංහලවත් බැරුව...
sena Tuesday, 08 March 2022 03:04 PM
තව මොනවා විකුණයිද කියන්න බැහැ...