IMG-LOGO

මේ මසය අවසන්වීමට පෙර තවත් ඩීසල් තොගයක් මෙරටට

(ඩයනා උදයංගනී)

මෙම මාසය අවසන් වීමට පෙර තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 1,77,200ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඩීසල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය ඉදිරි දින කිහිපයේදී මගහැරී යනු ඇති බවත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය අද (10) පැවසුවාය.

ඩීසල්  මෙට්‍රික්ටොන් 60,000ක් රැගත් ඔටෝ ඩීසල් නෞකා දෙකක් ඊයේ (9) ගොඩ බා ප්‍රමුඛතා පදනමක් ඇතිව බෙදාහැරීම සිදුකර ඇති බව කී ලේකම්වරිය අද (10) දිනයේ ද ඩීසල්  මෙට්‍රික්ටොන් 38,300ක් රැගත් නෞකාවක් පැමිණ ඇතැයි සඳහන් කළාය.

ඒ හේතුවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පැවති තදබදය තරමක් අඩුවනු ඇතැයි ඇය කීවාය.

ලේකම්වරිය මේ බව පැවසුවේ ‘බලශක්තිය රටට ශක්තියක්’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද  (10) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

මීට අමතරට ඩීසල්  මෙට්‍රික්ටොන් 20,000ක් හා ගුවන්යානා ඉන්ධන තෙල්  මෙට්‍රික්ටොන් 20,000ක් සහිත තවත් නෞකාවක් හෙට (11) දිනයේදීත්, තිබෙනවා. ඩීසල්  මෙට්‍රික්ටොන් 37,300ක තවත් නැව් තොගයක් ලබන 14 වැනිදාත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන පළමු ඉන්ධන තොගය ලෙස ගුවන්යානා ඉන්ධන රැගත් නෞකා දෙකක් මෙම මස 15, 16 දිනවලත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාවක් ලබන 22 වැනිදාත් මෙරටට ලැබෙන අතර,  මෙම මස අවසානයේදී තවත් ඩීසල් නෞකාවකුත් පැමිණීමට නියමිත බව ලේකම්වරිය කීවාය.

ඩීසල් අද ලැබෙන තොගයත් සමඟ මෙම මාසයේ ඉතිරි දින කිහිපයේදී  මෙට්‍රික්ටොන් 1,77,200ක තොගයක් ලැබෙන බවත්, මෙරට දිනක උපරිම ඩීසල් අවශ්‍යතාවය උපරිම  මෙට්‍රික්ටොන් 7,000 ක් වන නිසා මෙම මස  ඉතිරි දින 20ට අවශ්‍ය වන්නේ  මෙට්‍රික්ටොන් 1,40,000 ක් පමණ බවත්, ලැබෙන තොගවලින් පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කර ආරක්‍ෂිත සංචිතය ද ඉහළ නැංවිය හැකි බවත් ලේකම්වරිය පැවසුවාය.

ඒ නිසා ජනතාව පෝලිම්වල කලබල විය යුතු නැතැයි ද ඇය සඳහන් කළාය.



අදහස් (3)

මේ මසය අවසන්වීමට පෙර තවත් ඩීසල් තොගයක් මෙරටට

Sunil Thursday, 10 March 2022 03:36 PM

ඔව් හැතැප්ම ගණන් දිග පෝලිම් වල දවස් ගණන් සිටින අය කලබල විය යුතු නැහැ. තව ටික දවසක් ඔය ආකාරයටම ඉවසන්න. ඉන්ධන රැගත් නෞකා වරායට පැමිණීම, ඒවායේ ඉන්ධන නිදහස් කරගැනීම නිසා සෞභාග්‍යය දෝරෙ ගලනවා.

:       0       0

විපරමා Thursday, 10 March 2022 04:35 PM

ඩීසල් නැව් නම් මග එනවා ඇති... වරායට ඇවිත් තියෙන බහාලුම්වත් නිදහස් කරගන්න බැරුවයි ඉන්නේ...

:       0       0

Perera Thursday, 10 March 2022 11:19 PM

ඔල්ගා නෝනගේ අමාත්‍යාංශයේ ඕනෑතරම් ඉන්ධන තියෙනවා... අවශ්‍ය කෙනෙක් ගිහින් ගහගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site