(නිමල කොඩිතුවක්කු)

ජාතිවාදය වපුරමින්, පාස්කු ප්‍රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම හැර රටට සිදු කර ඇති දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව බලයට පත්වූ දින සිටම ජනතාව වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.