IMG-LOGO

‘මහ මැතිවරණයක සේයාවක් ළඟලු’



 
 
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
නීතියේ යම් බාධාවක් ඇත්නම් එය සංශෝධනය කර හෝ ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වී ඇති බව පැවසූ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී රංජිත් සොයිසා මහතා තමන්ට දැන් මහ මැතිවරණයක සේයාවක් ළඟ ළඟ එන බව පෙනෙන්නට ඇතැයි අද (4) ඇඹිලිපිටියේ දී පැවසීය.


ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා මේ බව පැවසූ අතර මහ මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණය කෙසේ ඇතිවන්නේ දැයි පැහැදිලි නොකළේය.


රටේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් නොදමා පැවැත්විය යුතුය යන ස්ථාවරයේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වීමට පෙර තමන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම සිටි බවත් එම ස්ථාවරයේ අදටත් සිටින බවත් කීවේය.


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යම් නීතිමය ගැටලූ තැන් ඇත්නම් ඒවා සංශෝධන කර තවදුරටත් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ක‍්‍රියාකරන බව ද පැවසීය.


‘‘හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවා නම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා. දැන් 118ක් අත්සන් කරලා රනිල් මන්ත‍්‍රීතුමාට පාර්ලිමේන්තුවේ සහාය තියනවයි කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වෙනවා. ජවිපෙ, ටීඑන්ඒ සහායත් තියනවා කියලා කියනවා. ඒක එහෙම වෙන්න එපායැ.’’ 


‘‘හාමුට හාමුගේ ගෝලයෝ රොත්ත ඉන්න එපායැ. අනුර රනිල් ගෝලයා. නමුත් ඔය පාර්ලිමේන්තුවට ලියුමක් බාරදීපු පමණින් එය බහුතරයක් බවට පත්වෙන්නේ නෑ. ඔය ලියුමට අත්සන් කරපු බොහො දෙනා ඉදිරියේ දි අපිත් එක්ක නියත වශයෙන් එකතුවෙන්න සූදානම් උදවිය’’ යැයි ද කීවේ ය. 
  



අදහස් (8)

‘මහ මැතිවරණයක සේයාවක් ළඟලු’

FAH Sunday, 04 November 2018 07:58 AM

මෙයා නේද අර බෙල්ලේ වැල දාගන්න කිව්ව හාදයා...

:       153       90

Kumar (Gulf) Sunday, 04 November 2018 08:15 AM

බලාෙගන ඉන්න... අර නරියා මොකක්ද එක හැලෙනකම් බල්ලාගේ පස්සෙන් ගියා වගේ....

:       586       263

sirimal Sunday, 04 November 2018 08:49 AM

ලංකා ඉතිහාසයේ මේ තරමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ ආත්මය මුදලට පාවා දුන් අවස්තාවක් අපි නම් දැක නැත. මේ තරම් මුදල් කන්දරාවක් දන්සැල් දෙනවා වගේ ඇඟට නොදැනී බෙදා දෙන්න මේ අයට සල්ලි කොහෙන්ද? මේ විදිහට ආණ්ඩු පිහිටවනවාට වැඩිය හොඳයි මහා පාරේ හිඟා කන එක...

:       552       402

Sunil Sunday, 04 November 2018 01:46 PM

සිරිමල් මහත්මයා, ඒ ඔබේත් මගේත්, රටේත් මේ රටේ අනාගත පරපුරේත් අවාසනාව... මේ මහජනතාවගෙන්ම හොරකම් කල මුදල් නොවේ නම් කාගේවත් ගෙදරින් ගෙනාවා ඒවා නොවෙයි නේ? දැන් හිතාගන්න පිළිවනි නේද? අපෙන් මොනතරම් ගසා කාලා ඇතිද කියන එක? එ්ත් මේවාට හුරේ දාන ශ්‍රී ලාංකිකයන් කොතෙකුත් ඇතිද?

:       97       21

Sunil Sunday, 04 November 2018 10:04 AM

ඔව් ඉතින් ජනතාව බලාපොරොත්තු නොවෙන දේශපාලන බල අරගල නිසා ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය නොවී ජනතාවගේ සල්ලි කෝටි ගණන් මැතිවරණවලට වියදම් වෙනකොටත් අමාරුව දැනෙන්නේ ජනතාවට මිසක් මේ ජනතාවගේ අවාසනාවට පහළවුණු දේශපාලකයින්ලාට නොවෙයිනේ...

:       237       35

lalith Sunday, 04 November 2018 02:41 PM

ගණන් ගන්න එපා... එ්ක එතුමගේ පුද්ගලික මතයයි...

:       260       193

sandy123 Sunday, 04 November 2018 03:50 PM

මේවා දකිනකොට හිතෙනවා ගෝත්‍රික කාලේ ඉපදුනානම් කියලා.

:       0       0

sarath Sunday, 04 November 2018 07:38 PM

කන්නාඩි දාන්න කාලේ ඇවිත් වගේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site