(හර්ෂණ තුෂාර සිල්වා)
නොසැලකිලිමත් පාලකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුවල ස්වාධීනත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අද (18) පස්වරුවේ පැවැසීය.
මහ බැංකුව යනු රාජ්‍යයේ කොටසක් බවත් කලින් කලට පත්වන ආණ්ඩු වෙනස් වුවත් මහ බැංකු වෙනස් නොවන බවත් විජේවර්ධන මහතා කීවේය.
“මහ බැංකු ස්වාධීනත්වය” පිළිබඳව දේශනයක් කරමින් හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.
රාජගිරිය බැංකු විදු පියසේදී මෙම දේශනය පැවැත්විණි.ස්වෛරී වනුයේ රාජ්‍යයක ස්වරූපයක ගොඩනැගුණු ජාතිය බවත් මහ බැංකුව සහ ආණ්ඩුව රාජ්‍යයේ කොටස් දෙකක් බවත් විජේවර්ධන මහතා පැහැදිලි කළේය.
මහ බැංකුව සහ ආණ්ඩුව යනු වෙන් වෙන් කාර්ය සඳහා ස්ථාපිත කෙරෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩු සුදුසු ආර්ථික ප්‍රතිපත්ති මගින් ජනතාවට සෞභාග්‍යය උදා කරන බවත් මහ බැංකුවේ කාර්යභාරය හා රාජකාරිය වනුයේ ආර්ථිකයට සෞභාග්‍යය අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් නිෂ්පාදනය කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම යැයි ද විජේවර්ධන මහතා කීය.මහ බැංකු නිර්මාණය කරන්නේ සහ ආණ්ඩු පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට බැවින් ඒ දෙක සහයෝගීතාවයෙන් ක්‍රියා කළ යුතු බව ද විජේවර්ධන මහතා විජේවර්ධන මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මහ බැංකු ස්වාධීන වන අතරම වගවීම අනුගමනය කළ යුතු බව හෙතෙම කීවේය.
තමන්ගේ සාක්කුවේ තිබෙන මුදලේ වටිනාකම ආරක්ෂා කරගැනීමට ජනතාව මහ බැංකුවේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. මහ බැංකු සම්බන්ධයෙන් වැඩි වශයෙන් උනන්දු විය යුත්තේ ඒ ඒ රටවල ජනතාව බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉන් අනතුරුව වගකීම පැවරෙන්නේ මාධ්‍ය සහ සිවිල් සමාවලට බවද විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
නොවැම්බර් 16 ජනතාව පිළිතුරු දෙයි.
ලංකාවේ මරි මෝඩ සිහලුන්ට මේවා තේරෙන්නේ නැත. ඔවුන් දන්නේ දේශපාලකයන් කියන දේවල්වලට හුරේ දාන්න පමණි. එ් නිසා තමයි මෙතරම් රට පරිහානියට පත් වුනේ. ඉස්සරහට වෙන්නෙත් නැත.
නිලධාරීන් කරන්න ඕනේ වැඩක් ඒක..
ඉස්සර තිබුණු විදිහට ජ්‍යෙෂ්ටත්වයට අනුව නියෝජ්‍ය අධිපති නව අධිපති කළා නම් ඔවුන් තම රාජකාරිය ගැන දැනුමක් තියෙන අයවලුන් නිසා රටට වන සේවය වැඩියි. දැන් කරන්නේ රාජ්‍ය නායකයට ඕනේ විදියට හිතවතෙක් පත් කරන එක නේද? රටේ වෘත්තිකයින් ඉන්නේ මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. නැතිව එක එකාට කඩේ ගිහින් වන්දනාවේ යන්න නොවෙයි. සාමාන්‍ය ජනයා තම රටේ ශ්‍රම හමුදාව මිසක් මේවා ගැන ගැඹුරු දැනුමක් තියෙන අයවලුන් නොවේ...
ඒ මොකටද ජනතාව බැංකු වෙනුවෙන් සටන් කරන්නේ? රටේ සියලුම ආයතනයන් නීති රෙගුලාසි අනුව එපායැ වැඩ කරන්න. ඒවා අකාර්යක්ෂම නම් වගකියන්න ඕනේ ඒවාට පත්කරවන පත්වෙන අදාළ ප්‍රධානියන් නොවේද?
මහා ජනතාව කොහොමද සටන් කරන්නේ? ආණ්ඩුවල ඉන්න සහ හිටපු හොරු මහා බැංකුවට මොනවද කරන්නේ.., මොනවද කලේ කියලා මහජනතාව කවදාවත් දන්නවද? ඒවා දේවරහස් වගේ හංගාගෙන ඉඳලා තමන්ට කෙලවුණාට පස්සේ එහෙමයි, මෙහෙමයි කියන දේශපාලුවන් රොත්තක් එක්ක මොනවද අපිට සටන් කරන්න කියන්නේ? අඩු ගානේ ගෙදර ළඟ කුණු කන්දක් ගොඩගහන්න එපා කියලාවත් සටන් කරන්න මිනිස්සුන්ට ඉඩ නොදී නීතිය ඉස්සරහට දාපු දේශපාලුවන් එක්ක මහා බැංකුව වෙනුවෙන් සටන් කරන්න. සුරංගනා කතා කියන්න එපා මහත්තයා. එහෙම නම් මහබැංකුවේ ඇතුලේ වෙනදේවල් ජනතාවට දැනගන්න සලස්වන්න සේරටම කලින්...
තමන් වැඩකරන කාලේ කොන්ද නමාගෙන දේශපාලකයන්ගේ අණ පිළිපැදලා, විශ්‍රාම ගියාම ජනතාවට පොර ටෝක් දෙනවා. හිටපු ලොක්කන් ඔක්කොම මේ වගේ... දැන් ඉතා පිරිසිදු චරිත. තමන් කොන්ද පණ තියාගෙන නීතියට වැඩ කරානම්, මොකටවත් ඇඟිලි ගහන්න පුලුවන්ද?
හොරු සමග හෙළුවෙන් හිටපු තවත් පණ්ඩිතයෙක් තමයි.
මහබැංකුව ස්වාධීන වෙන්න, ඒකෙ ඉන්න නීති නිර්මාපකයෝ ස්වාධීන වෙන්න එපායැ, එයාලා කොහෙද ස්වාධීන, ඔක්කොම ඉන්නේ පිටරට සවාරියක් ගිහින් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගෙන මඩිය තර කරගන්න මිසක් රටේ ජනතාවට සේවය කරන්න නොවේ. බලන්නකෝ ලොකු ලොක්කෝ යන පිටරට සවාරි, මහා ලොකු සම්මන්ත්‍රණ, වැඩමුළු සෙමිනා, කොන්ෆරන්ස්... එම්.එස්.සී., පී.එච්.ඩී., කාරයන් වැහි වැහැලා ඉන්නේ, පයින් ගැහුවත් සීයක් විතර විසික් වෙනවා. එ්ත් මොනවද ලියන්නේ කියන්නේ, කාලගුණය අයහපත් නිසා ගොවිතැන පාළු වුණු එක නිසා දල දේශීය නිෂ්පාදනේ අඩු වුණා. එ්ක නිසා උද්දමනයද මොකක්ද වැඩි වුණා කියලා, වැස්ස නිසා උද්දමනේ ගැන කියන්න මොකටද MSC PHD? ඉස්සර මිනිස්සු වැහිලිහිණියා පියාඹන විදිහ දිහාබලලා කියනවා අව්ව වැස්ස ලැබෙන දවස් වකවානු ගැන...
මහබැංකුවට පත්කරගන්නේ දේසපාලුවන්ට අවශ්‍ය කරන හොරුනේ .ජනාධිපති හොරෙක් නම් , අගමැති හොරෙක් නම් ඔතෙන්ට ගත්තෙත් හොරුනේ .කලින් රජයෙනුයි දැන් තියෙන රජයෙනුයි කෙරුනේ එකනේ .