IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහව මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ සජීවා කෝට්ටගොඩ)
 
මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු අද(31) අලුයම අත් අඩංගුවට ගත් බව මහව පොලිසිය කියයි.
 
ආනන්ද නැමති පොලිස් සැරයන්වරයකු පිහි ඇනුමින් තුවාල ලබා ඇත.
 
පිහි ප්‍රහාරයට ලක්වු පොලිස් සැරයන් වරයා හා තවත් පොලිස් සැරයන් වරයකු මහව මුලස්ථාන පොලිසිය විසින් 30 රාත්‍රියේ නගර සංචාර කටයුතු වෙනුවෙන් ආයුධ සහිත රාජකාරිවල සිටියදී දෙදෙනකු සැකකටයුතු අයුරින් වෙළදසැලක් ආසන්නයේ සැරිසරනු දැක එම ස්ථානයට ගොස් තිබේ. පොලිස් නිලධාරින් පැමිණීමත් සමග මෙම සැකකරුවන් දෙදෙනා දෙපසට  පලා ගොස් තිබේ.
 
පසුව පොලිස් නිලධාරින් පලා ගිය දෙදෙනා පිළිබදව සෝදිසි කිරිම් වල නිරත වෙමින් සිටියදි සැගවි සිටි එක් සැකකරුවකු එක වරම පොලිස් නිලධාරියා වෙතට කඩා වැදී පිහියකින් ඇන ඇති බව කියයි. පොලිස් සැරයන් වරයා ආධාර ඉල්ලා කෑගසා ඇති අතර ඒ සමගම අනෙක් සැරයන් වරයා එම ස්ථානයට ක්ෂණිකව පැමිනිමත් සමග එම සැකකරු හා අනෙක් සැකකරු පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
 
පිහි ප්‍රහාරයට ලක්වු පොලිස් නිලධාරියා කඩිනමින් මහව රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබු අතර රාත්‍රියේම නැවත නිකවැරටිය රෝහලට මාරුකර යවා තිබුනී.නිකවැරටිය රෝහලේදී මෙම පොලිස් නිලධාරියා සැත්කමකට භාජනය කිරීමට නියමිතව ඇති බව රෝහල් බලධාරියෙක් පැවසිය.
 
මෙම පොලිස් නිලධාරියාට පිහිපහර එල්ල කිරීමට සම්බන්ධ සැකකරු හා අනෙක් සැකකරු මහව මුලස්ථාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබුනි .
 
පොලිසිය පවසන්නේ සැකකරු යුධ හමුදාවෙන් පලා ආ අයකු බවය. මෙම සැකකරුන් නගරයේ වෙළඳ සැලක් කොල්ල කෑමට පැමිණ ඇති බව පොලිසිය කියයි.



අදහස් (3)

මහව මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී

Bamunuarachchi Thursday, 31 December 2020 07:48 AM

අනේ මෙයාව අල්ලගත්ත දාට මෙම ලෝකෙට ඉපදුනේ ඇයි කියලා හිතෙන විදිහට සලකන්න...

:       0       5

Prabha Thursday, 31 December 2020 10:18 AM

පුහුණු කාලයෙන් පස්සේ කිසි දිනක ව්‍යායාම නොකරන, කඳ බඩ උස්සගන්න බැරි රාළහාමිලාට වෙන්නේ පාරෙ යන අයගෙන් ගුටි කන්න තමයි.

:       0       0

මෝ Friday, 01 January 2021 05:07 AM

ආයුධ සහිතව මුර සංචාරේ කළා නම් වෙඩි තිබ්බේ නැත්තේ ඇයි? දැන් ඉතිං ඇනපු පිහිය හොයන්න ඩබලව එක්කගෙන යමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site