(චමිල් රූපසිංහ)
පේරාදෙණිය පොලිසිය සහ ගම්පල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (07) මහවැලි ගඟේ කළුගමුව ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහයුමකදී ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
මහවැලි ගඟ තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නැවත ගැනීමට පහසුවන පරිදි පොලිතින් කොල වල ඔතා තිබූ කඩු 5 ක්,ලොකු වක් පිහි 2ක්,උල් පිහි 3ක්,දෑකැති 1ක්,පොල් කැඩීමට භාවිතා කරන මුවහත් පිහි 2 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.
මාවනැල්ල කෑගල්ල බුදු පිලිම වලට හානි කර දැනට අත්අඩංගුවේ පසුවන ගෙලිඔය කලුගමුව පදිංචි සැකකරුගේ නිවසේ අවි ආයුධ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු පදිංචි නිවස හා මහවැලි ගඟේ කලුගමුව ගඟ ආශ්‍රීත සොද්සි කිරීමේදී මෙම ආයුධ හමුවී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නම් අල්ලපු එක හොඳයි. මෙව්වගෙන් කැපුවනම් ඉස්පිරිතාලෙකට යන්න කලින් පිටගැස්ම හැදිලා මැරෙන්නේ.
පේරාදෙනිය කැම්පස් එකේ ඉන්න මුස්ලිම් ගුරුවරුන්ගේ ගෙවල් චෙක් කරන්න. වගකීමෙන් කියන්නෙ